before 2024
පසුගිය පුවත්
රසායනික සිදුවිම් පිළිබඳව පැවැත්වෙන පාඨමාලාව සඳහා යුද හමුදාවේ රාසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක විකිරණශීලි ප්‍රතිචාර බලඝණය (CBRN) සම්පත් දායකත්වය ලබාදෙයි
2017-02-09
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරිමේ ජාතික අධිකාරිය (CWC) මඟින් සංවිධානය කරනු ලබන රසායනික සිදුවීම් සඳහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ මූලික පාඨමාලාවක් පෙබරවාරි මස 06 වන දින සිට 10 වන දින දක්වා කොලඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්වේ.
තව කියවන්න
මියගිය යුද හමුදා සෙබලෙකුගේ පවුලේ සාමාජිකයින් වෙත ගෘහ භාණ්ඩ සහිත නව නිවසක්
2017-02-07
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ ඉල්ලිමකට අනුව 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මියගිය සාමාන්‍ය සෙබල මහේෂ් කුමාරගේ පවුලේ සාමාජිකයින් වෙත රුපියල් 98,000/= ක වටිනාකමකින් යුත් ගෘහ භාණ්ඩ ඉරිදා (05) දින ඇතාවැටුණුවැව ගම්මානයේ දී ලබාදුන් අතර, කොළඹ ආර්ය පදනම විසින් මේ සඳහා අනුග්‍රහය දක්වන ලදි.
තව කියවන්න
‘ජාතික ශාරීරික යෝග්‍යතා සතියට’ සමගාමිව වැඩසටහන් කිලිනොච්චි, මුලතිව්, මධ්‍යම සහ යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන හිදී
2017-02-07
දිවයින පුරා ක්‍රියාත්මක ජාතික ශාරීරික යෝග්‍යතා සතිය වෙනුවෙන් යුද හමුදාපතිගේ ප්‍රධානත්වයෙන් අද (06) උදෑසන පනාගොඩ යුද හමුදා ජනපදයේ පැවති ප්‍රධාන වැඩසටහනට සමගාමිව ආරක්ෂක සේනා මුලස්ථාන මට්ටමින් ද වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.
තව කියවන්න
යුද හමුදාව විසින් ඉදිකළ නල්ලිනක්කපුරම් ප්‍රජා ශාලාව දිස්ත්‍රික් ලේකම් වෙත භාරදේ
2017-02-06
කීරමලෙයි නිවාස ව්‍යාපෘතියෙහි නල්ලිනක්කපුරම් ප්‍රජා ශාලාව ඉතිරිව තිබූ රුපියල් මිලියන 6 ක අමු ද්‍රව්‍ය යොදවමින් ඉදිකිරීම් කටයුතු සිදු කර යුද හමුදාව විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලින්ගම් වේදනායන් මහතාගේගේ සහභාගීත්වයෙන් යුතුව නිදහස් දින සෙනසුරදා (4) ජනතා අයිතියට පත් කරනු ලැබීය.
තව කියවන්න
‘ජාතික ශාරීරික යෝග්‍යතා සතිය’ සඳහා යුද හමුදාපති ඇතුලු සියලු නිලයින් දායක වේ
2017-02-06
යුද හමුදා සාමජිකයින් තුල ශාරීරික යෝග්‍යතාව ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් යුද හමුදාපතිගේ ප්‍රධානත්වයෙන් සඳුදා (06) දින උදෑසන පනාගොඩ යුද හමුදා ජනපදයේ පිහිටි මුතුකුමාරු ක්‍රීඩාංගණයේ දි ශාරීරික පුහුණු වැඩසටහනක් පවත්වන ලදි.
තව කියවන්න
යාපනය භට පිරිස් 69 වන ජාතික නිදහස් දිනය සමරයි
2017-02-06
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය සහ අනෙකුත් සේනාංක, බලසේනා සහ ඒකකයන් සෙනසුරාදා (04) දින 69 වන නිදහස් දිනය සමරන ලදි. යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක පලාලි පිහිටි එම මුලස්ථානයේ දී ජාතික ධජය එස වූ අතර......
තව කියවන්න
69 වන නිදහස් දිනය වෙනුවෙන් කිලිනොච්චි භට පිරිස් වෙතින් පිරිසිදු කිරිමේ වැඩසටහන්
2017-02-06
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය 69 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් සෙනසුරාදා (04) දින මහජනතාව වෙනුවෙන් ප්‍රජා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව, එම මුලස්ථාන පරිශ්‍රයේ දී නිදහස් දිනය සමරමින් ජාතික ධජය සහ යුද හමුදා ධජය ඔසවා, ජාතික ගීය ගායනා කළහ.
තව කියවන්න
69 වන නිදහස් දිනයට සමගාමීව ළමා නිවාසය වෙත ආහාර ලබාදෙයි
2017-02-05
69 වන නිදහස් දිනයට සමගාමීව, අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ශාන්ත දිසානායකගේ උපදෙස් මත එම පුහුණු පාසල විසින් සිකුරාදා (3) දින අම්පාර සරණ ළමා නිවාසයේ දී විශේෂ පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදි. නිලධාරි 15 ක් සහ සෙසුනිලයන්.....
තව කියවන්න
‘ජාතික සමගිය’ විදහාපාමින් ජාතික නිදහස් දින පෙළපාලිය අභිමානවත් අයුරින් පැවැත්වේ
2017-02-04
දිළිඳුභාවය තුරන් කිරීම සඳහා කැපවෙමින් සහ ආර්ථික ස්ථාවරත්වය, සංහිඳියාව හා සමගිය පිළිබඳ බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ශ්‍රී ලංකා මාතාව සාමය හා සෞභාග්‍යය සපිරි ‘ජාතික සමගිය’ තේමාව කරගත් අභිමානවත් 69 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ගාලුමුවදොර පිටියේ දී සෙනසුරාදා (04) දින උත්කර්ශවත් අයුරින් සමරන ලදි.
තව කියවන්න
අයිඩිඑච් රෝහලේ ඩෙංගු රෝගීන් සඳහා යුද හමුදාව ඉදිකළ නව වාට්ටු සංකීර්ණය අතිගරු ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරේ
2017-02-03
අංගොඩ, ගොතටුව හි පිහිටි අයිඩිඑච් (IDH) රෝහලේහි ඩෙංගු රෝගීන් සඳහා යුද හමුදාව මඟින් ඉදිකරන ලද වාට්ටු සංකීර්ණය බ්‍රහස්පතින්දා (02) දින ගරු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමාගේ ආරාධනයෙන්, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් විවෘත කරන ලදි.
තව කියවන්න