සුභ සාධක

Clear

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් ඉදිකෙරෙන නාවාතැන් පහසුකම් සංකීර්ණයේ පළමු මහල විවෘත කෙරේ

2023-07-12

පොල්හේන්ගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් ඉදිකෙරෙමින් පවතින නවාතැන් පහසුකම් සංකීර්ණයේ පළමු මහල පසුගිය අඟහරුවාදා (ජූලි මස 11) දින විනයාරක්‍ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.සි.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගේ සුරතින් විවෘත කළේය.


ශ්‍රී ලංකා පාබල හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට

2023-06-12

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල්...


දිවංගත මේජර් සේපාල දහනායක වෙත පිං අනුමෝදන් කරමින් 58 පාබල සේනාංකයෙන් පුණ්‍ය වැඩසටහන් මාලාවක්

2023-05-11

2009 මැයි මාසයට ප්‍රථම පැවති උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුමේදී 3 ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්තව රාජකාරි ඉටුකරමින් සිටියදී දිවිපිදූ විශේෂ බලකායේ දිවංගත මේජර් සේපාල දහනායක අනුස්මරණය කරමින් 58 පාබල සේනාංක මූලස්ථානය වෙතින් වෙසක් පුර පසලොස්වක පොහෝ දින (මැයි මස 05) පිංකම් මාලාවක් සංවිධානය කරනු ලැබීය.


වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ‘අභිමංසල - 3’ සුවතා නිකේතනයේදී විශේෂ පුණ්‍ය වැඩසටහනක්

2023-05-11

පාන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි ‘අභිමංසල - 3’ සුවතා නිකේතනයේ නේවාසික විශේෂ අවශ්‍යතා සහිත වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් වෙසක් පුර පසලොස්වක පොහෝ දින නිමිත්තෙන් (මැයි මස 05) විශේෂ බෝධි පූජාවක් සහ සිල් සමාදන් වීමේ වැඩසටහනක් පැවැත්වීය.


‘අභිමංසල - 1’ සුවතා නිකේතන පරිශ්‍රයේදී සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වේ

2023-04-28

යුද්ධ හමුදා මූලස්ථානයේ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් 2023 අප්‍රේල් මස 18 දින අනුරාධපුර ‘අභිමංසල - 1’ සුවතා නිකේතන පරිශ්‍රයේදී අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් විශේෂ සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වූ අතර එහිදී, සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් සහ සන්ද්‍යාවේ සංගීතමය වැඩසටහනක් ද පැවැත්වීය.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසල වෙතින් අලුත් අවුරුදු උත්සවයක් පවත්වයි

2023-04-27

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් කුකුළේගඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසල වෙතින් එම පුහුණු පාසල් ක්‍රීඩා පිටියේදී පසුගිය සිකුරාදා (21) දින අවුරුදු උත්සවයක් පැවැත්වූ අතර එම උත්සවය සඳහා නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.


1 වන බලකා මූලස්ථානයේදී ධර්ම දේශනා පිංකමක් පැවැත්වේ

2023-04-26

1 වන බලකා මූලස්ථානය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවයේ නියුතු සියලුම නිලධාරින් සහ සෙසුනිලයන්ගේ මානසික සෞඛ්‍යය සහ ආයතනික වගවීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත 1 වන බලකා මූලස්ථානය වෙතින් පසුගිය සඳුදා (අප්‍රේල් මස 24) දින කිලිනොච්චිය ‘නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේදී ධර්ම දේශනාවක් පැවැත්වීය.


ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර රාගම ‘රණවිරු සෙවන’ සුවතා නිකේතනයේ සංචාරයක

2023-04-25

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් මාර්ගෝපදේශ මත ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් පසුගිය සඳුදා (24) දින රාගම ‘රණවිරු සෙවන’ සුවතා නිකේතනයේ පුනරුත්ථාපන කටයුතුවල නිරතව සිටින නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා එම මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූවේය.


10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු පරිශ්‍රයේ ජංගම දුරකථන අලුත්වැඩියා වැඩපොලක් ආරම්භ කරයි

2023-04-09

ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණයේ ස්ථාපිත 14 වන පාබල සේනාංකයට අයත් 144 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු පරිශ්‍රයේ කාලීන අවශ්‍යතාවය මත ජංගම දුරකථන අලුත්වැඩියා වැඩපොලක් ආරම්භ කරන ලදී.


6 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු කඳවුරට නව ජල පිරිපහදු යන්ත්‍රයක්

2023-03-07

අනුරාධපුර, මිහින්තලේ පිහිටි 6 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු කඳවුර තුළ ස්ථාපනය කරන ලද ජල පිරිපහදු කිරීමේ යන්ත්‍රය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය පසුගිය සඳුදා (6) දින විවෘත කරන ලදී.