ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසල වෙතින් අලුත් අවුරුදු උත්සවයක් පවත්වයි

27th April 2023

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් කුකුළේගඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසල වෙතින් එම පුහුණු පාසල් ක්‍රීඩා පිටියේදී පසුගිය සිකුරාදා (21) දින අවුරුදු උත්සවයක් පැවැත්වූ අතර එම උත්සවය සඳහා නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.

පසුගිය කාලසීමාවේ රට තුළ පැවති සෞඛ්‍ය අවධානම සහ අනෙකුත් ගැටළු හේතුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසල වෙතින් මෙවැනි උත්සවයන් පැවැත්වීම තාවකාලිකව අත්හිටුවා තිබුණු අතර එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් සී.ඒ. රාජපක්‍ෂ ආර්එස්පී ගේ මඟපෙන්වීම මත මෙවර පැවැත්වූ අලුත් අවුරුදු උත්සවය අලුත් අවුරුදු සාම්ප්‍රදායික අංග රැසකින් සමන්විත විය. එදින සන්ද්‍යාවේ සංගීතමය වැඩසටහනක් ද පැවැත්වීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් සී.ඒ. රාජපක්‍ෂ ආර්එස්පී සහභාගි වූ අතර, තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් ද එම උත්සව අවස්ථාව සඳහා සහභාගී වූහ.