10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු පරිශ්‍රයේ ජංගම දුරකථන අලුත්වැඩියා වැඩපොලක් ආරම්භ කරයි
9th April 2023
ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණයේ ස්ථාපිත 14 වන පාබල සේනාංකයට අයත් 144 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු පරිශ්‍රයේ කාලීන අවශ්‍යතාවය මත ජංගම දුරකථන අලුත්වැඩියා වැඩපොලක් ආරම්භ කරන ලදී.
10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් අයි.ජී.ආර් ධම්මික විසින් සිදුකරනු ලැබූ ආරාධනාවකට අනුව 144 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.වී කොඩිතුවක්කු සුභ මොහොතින් ජංගම දුරකථන අලුත්වැඩියා වැඩපොල විවෘත කරන ලදී.
උත්සව අවස්ථාවට නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් එක්ව සිටියහ.