6 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු කඳවුරට නව ජල පිරිපහදු යන්ත්‍රයක්

7th March 2023

අනුරාධපුර, මිහින්තලේ පිහිටි 6 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු කඳවුර තුළ ස්ථාපනය කරන ලද ජල පිරිපහදු කිරීමේ යන්ත්‍රය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය පසුගිය සඳුදා (6) දින විවෘත කරන ලදී.

6 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරාල් චන්න වීරසූරිය එම ඒකකයේ අණදෙන නිළධාරී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව ඒකකයේ භටපිරිස් සඳහා දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කරන ලදී.

එම අවස්ථාවේදී මේජර් ජෙනරල් චන්න වීරසූරිය එම ඒකකයේ භටපිරිස් සමඟින් සුහඳව අදහස් හුවමාරු කරගැනීමක්ද සිදුවිය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.