ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් මව්බිම වෙනුවෙන් දිවිපිදු රණවිරුවකුගේ දියණියකට ශිෂ්‍යත්වයක්

18th July 2024

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජි.එම්.එල් රොද්‍රගෝ ආර්එස්පී පීඑස්සී අයිජි ගේ මගපෙන්වීම යටතේ මව්බිම වෙනුවවෙන් දිවිපිදු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ජේ.ඒ.පී. රණසිංහගේ දියණිය වන ජේ.පී. නයෝමි දේදුනු මහත්මිය වෙත 2024 ජූලි මස 14 දින කහගොල්ල බලඇණි පුහුණු පාසලේදී ශිෂ්‍යත්වයක් ප්‍රදානය කරන ලදී.

මෙම ශිෂ්‍යත්වය මොරටුව විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන නයෝමි දේදුණු මෙනවිය වෙත පිරිනමන ලදී. බණ්ඩාරවෙල චාන්දනී බේකර්ස් පුද්ගලික සමාගමේ සභාපතිනි උදානි මහත්මිය විසින් මෙම වැඩසටහනට සඳහා අනුග්‍රාහක දයකත්වය ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ද සහභාගි වූහ.