යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නවතමයෙන් ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවස්න ගොඩනැගිල්ල විවෘත කරයි

29th December 2023

දඹුලුහල්මිල්ලෑව, යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නවතමයෙන් ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවස්න ගොඩනැගිල්ල එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 24) දින විවෘත කරන ලදී.

කඳවුරු පරිශ්‍රයට සපැමිණි එතුමන් යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, අනතුරුව එතුමන් සමරු ඵලකය නිරාවරණය කර අභිනවයෙන් ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවස්න ගොඩනැගිල්ල විවෘත කරනු ලැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අනෙකුත් නිලධාරීන් සමඟින් සමූහ ඡායාරූපයක් සඳහාද එක වීමෙන් අනතුරුව පැති තේපැන් සංග්‍රහයට සහ භාගිවිය. උත්සව අවස්ථාව සඳහා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් එක්ව සිටියහ.