2022-07-15 00:40:30
පාර්ලිමේන්තු සංකීර්ණය අසල පසුගිය බදාදා (13) දින පැවති අරගලයේදී විරෝධතාකරුවන් විසින් අමානුෂික අයුරින් පහරදීම හේතුවෙන් බරපතල ලෙස තුවාල ලැබූ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින පස්වරුවේ කොළඹ යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රය වෙත පැමිණියේය. එම අවස්ථාව සඳහා අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ සහ යුද්ධ හමුදා ක්‍රියාන්විත අධ්යක්ෂ බ්‍රිගේඩියර් ශාන්ත රණවීර ද එක්විය.
2022-07-01 09:27:52
අන්තර් රෙජිමේන්තු දැල්පන්දු කණ්ඩායම් ශූරතාවලිය - 2022 අවසන් මහා තරගය බ්‍රහස්පතින්දා (30) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවත් වූ අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගි විය. මෙම තරඟාවලිය 2022 ජූනි මස 22 සිට 2022 ජූනි මස 30 දක්වා කණ්ඩායම් හතක සහභාගීත්වයෙන් පැවැත්විණි.
2022-06-18 19:01:12
සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී අද (18) දින පෙරවරුවේ පැවති හමුදා සම්ප්‍රදායානුකූල උපහාර උත්සවයකදී පසුගිය දා යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි ආරම්භ කළ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරි භාරගන්නා ලදී. මෙම අවස්ථාව සඳහා කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 26 හී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ.
2022-06-17 12:29:53
ජාතික සහ කාලීන වැදගත්කමකින් යුත් තවත් විශාල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සූදානම් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බ්‍රහස්පතින්දා (16) දින යුද්ධ හමුදා හරිත කෘෂිකර්ම මෙහෙයුම් කමිටුව ස්ථාපිත කරන ලදී. මෙම කමිටුව තුලින් දිවයින පුරා ඇති වගා නොකල අතහැර දමා ඇති රජයේ ඉඩම් අක්කර 1500 කට අධික ප්‍රමාණයක් කෘෂිකාර්මික කටයුතු වලට යොදාගනිමින් දිවයිනේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.
2022-06-16 18:36:10
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස පසුගිය දා රාජකාරි භාරගත් ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ නව ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් පසුව ප්‍රථම වරට අද (16) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී සියලු නිලයන් අමතමින් එතුමන්ගේ ඉදිරි සැලසුම් සහ සිය දැක්ම පිළිබඳ පැහැදිලි කරන ලදී.
2022-06-13 23:40:28
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වැනි යුද්ධ හමුදාධිපති වශයෙන් අභිනවයෙන් පත් වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගිය සෙනසුරාදා (11) දින පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජානකී ලියනගේ මැතිණිය සහ පවුලේ සාමාජිකයින් ද එක් වූහ.
2022-06-13 23:26:13
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ බුදු දහම ලක්දිවට රැගෙන වැඩම කිරීම සිහිපත් කරමින් සමරනු ලබන පින්බර පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අප සැමගේ දුක් දුරු වී මාතෘභූමිය සමෘද්ධිමත් කිරීමට ධෛර්ය ලැබෙන්නා වූ, සියලු ලෝවැසි දනන්ගේ රෝග බිය දුරුකරන පින්බර ‘පොසොන්’ මංගල්‍යයක් වේවා!
2022-06-08 12:15:47
ශ්‍රී ජයවර්ධනපුර ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ සේවයේ නියුතු යුද්ධ හමුදාවේ සෙසුනිලයන් 740 දෙනෙක්ගේ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයට නුදුරින් පිහිටි තලංගම උතුර ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ නව නේවාසික පහසුකම් සංකීර්ණය අද (8) දින උදෑසන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකදී භටපිරිස් වෙත නිල වශයෙන් භාරදෙනු ලැබිණි.
2022-06-01 11:04:31
ලුතිනන් ජෙනරල් එච්.එල්.වී.එම්. ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ බදාදා (1) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති හමුදා සම්ප්‍රදායානූකූල උත්සවයකදී 24 වන යුද්ධ හමුදාධිපති ලෙස නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී.
2022-05-31 17:05:21
යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ අද (31) දින පැවති උත්සවයකදී ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකරනු ලැබූහ. එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන් ද එක්ව සිටියහ.