2021-06-28 19:47:55
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාල සැරයන් මේජර් සහ යුද්ධ හමුදා විද්‍යාපීඨයේ විද්‍යාපීඨ සැරයන් මේජර් ලෙස පත්වීම් ලැබූ බළලත් නිලධාරින් දෙදෙනා පසුගිය සඳුදා (28) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මුණගැසුණහ. එහිදි, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඔවුන් වෙත සිය රජකාරි ස්වභාවය පිළිබඳ උපදෙස් ලබාදුන්නේය. මෙම අවස්ථාවට යුද්ධ හමුදා...
2021-06-21 18:30:38
7 වන ජාත්‍යන්තර යෝගා දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලැබු උත්සවයක් අද (21) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත් විය. මෙම යෝගා වැඩසටහන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (21) දින උදෑසන පැවත්වූ අතර, යෝගා වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථම Zoom වීඩියෝ සම්මන්ත්රණ මාධ්‍ය ඔස්සේ ආගමික ආශීර්වාද සිදුකරන ලදී.
2021-06-21 18:00:39
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ බුදු දහම ලක්දිවට රැගෙන වැඩම කිරීම සිහිපත් කරමින් සමරනු ලබන පොසොන් පුර පසලොස්වක පොහෝ දින සියලු ලෝවැසි දනන්ගේ රෝග බිය දුරුකරන පින්බර ‘පොසොන්’ මංගල්‍යයක් වේවා! ඒ වෙනුවෙන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ නිලධාරීන් හා සෙසුනිලයන් ඇතුලු සමස්ථ යුද්ධ හමුදාව ප්‍රාර්ථනා එක්කරයි.
2021-06-16 19:28:31
යුද්ධ හමුදාවේ භාවිතය සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ඉතිරි කරගැනීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදී.
2021-06-12 16:35:00
“කොවිඩ්-19 පාලන කටයුතු සඳහා සෞඛ්‍ය සේවකයින්ට සහාය වීමට යුද්ධ හමුදාව යොදවා සිටින්නේ යුද්ධ හමුදාවේ ධාරිතාව, හැකියාව සහ වෘත්තීය නිපුණත්වය පිළිබඳ හොදින් දන්නා අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත බවත්, එය සෞඛ්‍ය කටයුතුවලට පුර්ණ වශයෙන් සහයෝගය ලබාදීමක් පමණක් බවත්”කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
2021-06-08 15:41:26
වර්ෂ 2021 ක් වූ ජුනි මස 07 දින සිට 09 දක්වා රටවල් 65 කට අධික නියෝජනයක් සහිත ශ්‍රී ලංකා ආයෝජන සංසදයේ වාර්ෂික සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ කොව්ඞ් 19 වසංගතය කළමනාකරණය කිරීම, ජීවිතාරක්ෂාව, ජීවනෝපාය හා ආර්ථීක වර්ධනය පිළිබදව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් විසින් කාලීන වශයෙන් වැදගත් දේශණයක් සැසිවාරය අමතා පවත්වන ලදී.
2021-06-07 20:34:37
රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති යුරී බී මැට්රේ (Yury B. Materiy) මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය සඳුදා (07) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී හමුවූයේය.
2021-06-03 13:53:09
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලී (David Holly) බ්‍රහස්පතින්දා (03) දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේදී කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය. මෙම හමුවේදී, පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සිදුකරනු ලබන කැපවීම අගයකරමින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ සෞඛ්‍ය අංශයේ නිලධාරින්ගේ ප්‍රයෝජනය සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ තොගයක් පරිත්‍යාග කළේය.
2021-05-27 17:00:04
යුද්ධ හමුදා භටපිරිස් විසින් දිවයින පුරා පිහිටි කොවිඩ්-19 එන්නත්කරණ මධ්‍යස්ථානවල රාජකාරින් සඳහා යෙදවු අතර, ඔවුන් ගාල්ල, මාතර, මාතලේ, කුරුණෑගල සහ අනුරාධපුරය මෙන්ම උතුරු මැද වයඹ සහ මධ්‍යම පළාත්වල පිහිටි එම එන්නතකරණ මධ්‍යස්ථානවලට ගොස් එම ක්‍රියාදාමය සඳහා සම්බන්ධවී ඇත. අතිගරු ජනාධිපතිතුමා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහකොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ලබදුන් උපදෙස් අනුව මෙම එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. එ් අනුව, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (27) දින උදෑසනඇල්පිටිය සහ හබරාදූව එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත සංචාරයක නිරත වෙමින් එන්නත්කරණ වැඩපිළිවෙල නිරීක්ෂණය කළේය.
2021-05-26 04:06:18
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සමරන වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් විසින්, අපගේ සියලුම පාඨකයින් සහ සියලුම ලෝකවාසී ජනතාව වෙත දුක් වේදනාවෙන් තොර සාමයෙන් පිරි සෞඛ්‍ය සම්පන්න හා නිරෝගීමත් සුභ වෙසක් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරයි !