2022-02-15 15:30:13
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපායමාර්ගික සැලසුම් 2020 – 2025’ ට සමගාමීව, යුද්ධ හමුදාවේ සෑම සෙබලෙකුටම විශ්‍රාම යෑමට ප්‍රථම නිවසක් ඉදිකරදීම සඳහා වු යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ‘විරු අභිමන්’ විශේෂ සහනදායී නිවාස ණය යෝජනා ක්‍රමය රාජ්‍ය අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමඟ එක්ව අද (15) දින සිට ක්‍රියාවට නංවන ලදී.
2022-02-11 10:00:45
පසුගිය දා ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරත වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය එම සංචාරය අතරතුර පසුගිය බ්‍රහස්පතින්දා (10) දින මානුෂීය මෙහෙයුමේදී රණක්ෂිතයට පත් රණවිරුවන් 50 දෙනෙකු සුවය ලබමින් සිටින අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ‘අභිමංසල - 1’ හි සංචාරයක නිරත වූහ.
2022-02-04 15:30:52
මවුබිමේ සෞභාග්‍යය, සාමය, සංහිඳියාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ අධීෂ්ඨානශීලී කැපවීම තවදුරටත් පිළිබිඹු කරමින් ‘අභියෝග ජයගත් අසිරිමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මවුබිමක්’ යන තේමාව පෙරටු කරගනිමින් 74 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (04) දින උදෑසන නිදහස් චතුරස්‍ර...
2022-02-04 12:53:32
“අප හමුවේ ඇති අභියෝග ජයගෙන අපේ අනාගත ඉලක්ක සාර්ථකව ඉටු කර ගැනීමට නම් අප සියලු දෙනාටම වෙනස් වන්නට සිදු වෙනවා. අප සියලු දෙනාටම ඒ සඳහා යම් කැප කිරීම් කරන්නට සිදුවෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ආදර්ශය දෙන්නට රටේ ජනාධිපතිවරයා ලෙස මම සූදානම්. දැනටමත් මා එය හැකි උපරිම මට්ටමෙන් ඉටු කරනවා. මා ඉල්ලා සිටිනවා සියලූම මැති ඇමතිවරුන් හා අනෙකුත් දේශපාලනඥයින්ගෙන්, රටට ආදර්ශයක් වන ආකාරයට...
2022-02-01 21:09:58
74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් 2022 පෙබරවාරි මස 4 දින පැවැත්වීමට නියමිත නිදහස් දින පෙළපාලියේ පෙරහුරු පෙළපාලිය (01) දින උදෑසන කොළඹ 7 නිදහස් චතුරස්රයේදී පැවති අතර, එම පෙරහුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ...
2022-01-30 17:13:16
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරිනියන් සහ කාන්තා සෙබලියන්ගේ සහභාගීත්වයෙන් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 13 වන ලෙබනන් සාමසාධක මෙහෙයුම් කණ්ඩායමේ විසිරයෑමේ පෙළපාලිය ඉරිදා (30) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවති අතර එහිදී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත හමුදා ගෞරවාචාර පිරිනැමූහ.
2022-01-30 00:25:47
‘ස්නයිපර්වරුන්ගේ නිවහන’ ලෙසින් ප්‍රචලිත දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල වෙතින් සංවිධානය කරනු ලැබූ ‘අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2021’ හි සම්මාන ප්රදානෝත්සවය සෙනසුරාදා (29) දින පස්වරුවේ පැවැත්විණි.
2022-01-27 10:15:59
ආරක්ෂක අමාත්‍යාංශයේ ආරාධනයකට අනුව මහානායක සහ අනුනායක හිමිවරුන් ප්රමුඛ දිවයිනේ නන් දෙසින් වැඩමවා වදාල දහසකට අධික මහා සංඝරත්නය බදාදා (26) දින සන්ධ්‍යාවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී ‘ජය පිරිත්’ සඡ්ඣායනා කර සියලු රට වැසියන්ටත් රටේ සමෘද්ධිය සහ යහපැවැත්ම උදෙසාත් ආශිර්වාද එක් කළහ.
2022-01-22 15:45:53
සන්නද්ධ බුද්ධි බළකායේ 29 වැනි සංවත්සර සැමරුම සහ සන්නද්ධ බුද්ධි බළකායේ යුද්ධයෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන්ගේ ගුණානුස්මරණය කිරිම අද (21) දින අම්බලන්ගොඩ කරන්දෙණියේ පිහිටි සන්නද්ධ බුද්ධි බලකා මූලස්ථානයේදී පවත්වන ලදී.
2022-01-19 17:32:56
මේ දිනවල ශ්‍රී ලංකාවේ සුහද සංචාරයක නිරතව සිටින බංගලාදේශ නාවික හමුදා ප්‍රධානි අද්මිරාල් එම්. ෂහීන් ඉක්බාල් (Admiral M. Shaheen Iqbal) බදාදා (19) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.