01st June 2023 20:37:48 පැය
දශක තුනකට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන...
01st June 2023 20:32:30 පැය
ධූරයෙන් නික්ම යාමට නියමිත කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ කර්නල් පෝල් ක්ලේටන් (Colonel Paul Clayton) සහ එම ධූරයට පත් වීමට සිටින බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ කර්නල් ඩැරන් වුඩ්ස් (Colonel Darren Woods) පසුගිය බ්‍රහස්පතින්දා (01) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
01st June 2023 20:27:14 පැය
මහනුවර සිට මහියංගනය දක්වා ගමන් කරමින් තිබූ බස්රථයකට පසුගිය සිකුරාදා (26) දින සිදුවීමට ගිය විශාල අනතුර වළක්වමින් එහි ගමන් ගත් මගීන් පනහකට අධික පිරිසගේ ජීවිත බේරා ගත් 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්රල් කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්නගේ නිර්භීත ක්‍රියාව ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් යුද්ධ හමුදාධිපති ප්රශංසනාත්මක ලාංඡනය පිළිගැන්වූයේය.
30th May 2023 20:54:37 පැය
ආරක්ෂක අංශ විසින් භාවිත කරන ලද ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ පැවති ඉඩම් අක්කර 8.178 ක ඉඩම් කට්ටි දෙකක් ඉඩම් නිදහස් කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව ඉකුත් සිකුරාදා (මැයි 19) නිදහස් කරන ලදී.
29th May 2023 17:06:08 පැය
4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්රල් කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න පසුගිය සිකුරාදා (26) දින මහනුවර සිට මහියංගනය දක්වා ගමන්කරන බස් රථයක ගමන් කරමින් සිටියදි පෙරවරු 11.45 පැයට පමණ ඇතිවීමට ගිය විශාල අනතුරකින් බස් රථයෙහි ගමන් ගත් මගීන් පනහකට වැඩි පිරිසගේ ජීවිත නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය.
29th May 2023 17:05:39 පැය
දශක තුනකට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන විශේෂ බලකා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සිය භාර්යාව වන නයනි සමන්ති සෙනරත් යාපා මහත්මිය, ගවේෂ් සුදාරක සෙනරත් යාපා සහ අසෙල් භානුක සෙනරත් යාපා යන පුතුන් සමගින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිදුකරනු ලැබූ ආරාධනයකට අනුව සඳුදා (29) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
29th May 2023 17:04:16 පැය
යුද්ධ හමුදා විශේෂ බළකායේ රාජකාරි සිදුකරමින් සිටින අතරතුර මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසල විසින් පාලනය කරනු ලබන ‘Survival ඔසු උයනේ’ ඇති ඖෂධ පැළෑටි පිළිබඳ ලබාගත් දැනුම භාවිතා කරමින් 3 වන විශේෂ බළකායට අයත් කෝප්රල් එම්.ටී.අයි.එස් බණ්ඩාර විසින් රචනා කරන ලද ‘විශ්මිත හෙළ ඔසුව’ කෘතියෙහි මංගල පිටපත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත සඳුදා (29) දින පිරිනමනු ලැබීය. එම අවස්ථාවට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ද සහභාගී විය.
25th May 2023 22:22:27 පැය
කොළඹ 15, මෝදර ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නය විවෘත කිරීමේ උත්සවය අද (25) දින උදෑසන පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන්. බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
25th May 2023 20:22:27 පැය
යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්යක්ෂ මණ්ඩලය වෙතින් සම්පාදනය කරනු ලැබූ ‘Special Operations Forces' Doctrine’, four ‘Army Field’ Manuals සහ the ‘General Staff Publication on Intelligence’ ප්‍රකාශනයන්හි මුල් පිටපත් පසුගිය බ්‍රහස්පතින්දා (25) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත පිළිගන්වනු ලැබීය.
23rd May 2023 15:03:26 පැය
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය යටතේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරින්හි නිරතව සිටින ශ්‍රී ලාංකික යුද්ධ හමුදා සාමාජිකයන් හතරදෙනෙකු ඉකුත් ඉරිදා (21) දින මාලි රාජ්‍යයේ භඨකාර්ය සම්පාදන රථ පෙළකට ආරක්ෂාව සපයමින් සිටියදී වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය ඇටවුමක් පුපුරා යාම හේතුවෙන් සුළු තුවාල ලබා ඇත.