Header

Sri Lanka Army

Defender of the Nation

01st June 2023 20:37:48 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ආරක්‍ෂක සේනා අඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

දශක තුනකට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන ආරක්‍ෂක සේනා අඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී පවුලේ සාමාජිකයන් සමග යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිදුකරනු ලැබූ ආරාධනයකට අනුව බ්‍රහස්පතින්දා (29) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවාකාලය අවසන් කර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ආරක්‍ෂක සේනා අඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සිය යුද්ධ හමුදා සේවා කාලය තුළ කැපවීමෙන් හා පරාර්ථකාමීත්වයෙන් යුතුව විවිධ වගකීම් ඉටුකරමින් කළ සේවය වෙනුවෙන් එතුමන් වෙත ප්‍රශංසා කළේය. 2009 මැයි මාසයට පෙර කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව පැවැති මානූෂීය මෙහෙයුමේදි වගකීම් සහිත නිලධාරියෙකු ලෙස ඉටුකරනු ලැබු සේවය සහ දැක්වූ දායකත්වය පිළිබඳව ද එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් සිහිපත් කළේය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ආරක්‍ෂක සේනා අඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සිය රාජකාරී කාල සීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මගපෙන්වීම පිළිබඳවත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාව පළ කළේය.

එහිදි, යුද්ධ හමුදාධිපතිතුමන්, ආරක්‍ෂක සේනා අඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ අනාගත කටයුතුවලට සුභපැතුම් එක්කළේය. පසුව එතුමන්ගේ පවුලේ සාමාජිකයින් සමඟින් පැවති සුහඳ පිළිසඳරේදී තත් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවා කාලය පුරාවටම ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔහුට ලබාදුන් සහය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට ලක්කළේය.

මෙම සුහඳ හමුව අවසානයේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කළේය.

වර්ෂ 1988 පෙබරවාරි මස 02 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුනු මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 29 - යටතේ මූලික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසුව දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙත අනුයුක්ත කරනු ලැබීය. එතුමන් ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් වර්ෂ 2021 ජනවාරි මස 28 වන දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම දිවියට එළබෙන විට ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ බලකාධිපති යන තනතුරු හොබවනු ලැබීය. ඔහු 3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ රැලි නිලධාරි, 1 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ රැලි නිලධාරි, 1 වන විමර්ශණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ රැලි නිලධාරි, අභාවප්‍රාප්ත ලුතිනන් ජෙනරල් ඩී එල් කොබ්බෑකඩුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධිසහයක, ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ නිලධාරි පුහුණු උපදේශක, 5 වන විමර්ශණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ විධායක නිලධාරි, 5 වන විමර්ශණ රෙජිමේන්තුව සන්නද්ධ බලකායේ බලඝණ නිලධාරි අණදෙන, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරී - 2, 3 සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ බලඝණ අණදෙන නිලධාරී, යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, 6 වන (අධාරක) රෙජිමේන්තුවේ සන්නාහ සන්නද්ධ බලකායේ දෙවන අණදෙන නිලධාරී, මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරිමේ මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා බලඇණියේ නිලධාරි අණදෙන, 4 සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ දෙවන අණදෙන නිලධාරි, 4, 6 සහ 1 වන සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි 1 (සැලසුම්), ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ කාර්ය මණ්ඩල සාමාජික, පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කාර්යෙන් නියුතු කර්නල් (පුහුණු), යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේ කර්නල්, 112 පාබල බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ හමුදා ලේකම් කාර්යාලයේ සහකාර හමුදා ලේකම් 3 සහ 2, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක යුධ හමුදා යුද්ධ විද්‍යාලයේ සේනාවිධායක, 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් සහ යුද්ධ හමුදා මූලස්ථානයේ හමුදා ලේකම් යන තනතුරු හොඹවන ලදී.

යුද බිමේ එතුමන් දැක්වූ වීරක්‍රියා සහ නිර්භීතකම වෙනුවෙන් ‘රණ වික්‍රම පදක්කම’ සහ ‘රණ සූර පදක්කම’ යන සම්මානයන්ගෙන් පිදුම් ලබා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ කීර්තීමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ ඒකක ආරක්ෂක පාඨමාලාව, යුධ හමුදා අණ සහ මාණ්ඩලික පාඨමාලාව, පුළුල් ආරක්ෂක සන්දර්භ පාඨමාලාවේ ආරක්ෂක කළමනාකරණය, තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ගුවන්විදුලිය උපදේශක පාඨමාලාව - පාකිස්ථානය, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාව - බංගලාදේශය, සටන් කණ්ඩායම් අණදෙන පාඨමාලාව - ඉන්දියාව, ජ්‍යෙෂ්ඨ ආඥාපති පාඨමාලාව - ඉන්දියාව, උසස් ආරක්ෂක දිශානති පාඨමාලාව - ඉන්දියාව, Security Stability Transition and Reconstruction Course - United States of America ඇතුළු දේශීය හා විදේශීය පාඨමාලා රැසක් ද සාර්ථකව හදාරා ඇත.

එතුමන් කොළඹ විශ්ව විද්‍යාලයේ සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, බංගලාදේශයේ ජාතික විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරක්‍ෂක අධ්‍යයන ශාෂ්ත්‍රපති උපාධිය ලබාගෙන ඇත.