11th October 2017 21:45:29 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුබසාධන ව්‍යාපෘතින්හි තවත් එක් පියවරක් ලෙස සාලියවැව යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ භට පිරිස් විසින් යුද්ධ හමුදා දිනයේ දී (ඔක්තෝබර් 10) ආර්ථික අපහසුතා හේතුවෙන් නිවසක් නොමැතිව සිටි සෙබලෙකු වෙනුවෙන් රාජාංගනය ප්‍රදේශයේ නව නිවසක් ඉදිකර පිළිගන්වන ලදි.
11th October 2017 21:44:25 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තුවේ නිලධාරින් 10 ක් සහ සෙසුනිලයින් 110 ක් ඉන්දියාවේ දි පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති’ එකාබද්ධ යුධ අභ්‍යාස පුහුණුවට සහභාගිවීම සඳහා අද (11) දින උදෑසන ඉන්දියාව බලා පිටත් විය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්වන ‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ යුධ පුහුණු අභ්‍යාසය.....
10th October 2017 23:41:28 පැය
යුද්ධ හමුදා 68 වන වර්ෂ පුර්ණය සහ යුද්ධ හමුදා දින (ඔක්තෝබර් මස 10 දින) සංවත්සර වැඩසටහන් මාලාවේ රණවිරුවන් වෙත උපහාර පුද කිරිමේ උත්සවය බත්තරමුල්ල පාර්ලිමේන්තු පිටියේ පිහිටි රණවිරු ස්මාරකය අභියස අඟහරුවාදා (10) දින සන්ධ්‍යාවේ දී පැවැත්විණි.
10th October 2017 22:38:38 පැය
පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පැවති සංවත්සර උත්සවයෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රට වෙනුවෙන් යුධ වැදී පූර්ණ ආබාධිත තත්වයට පත්ව අත්තිඩිය, මිහිඳුසෙත් මැඳුරේ දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් සොයා බැලීමට පැමිණියහ.
10th October 2017 14:32:32 පැය
දේශයේ ආරක්ෂකයා ලෙසින් අද්විතීය ජයග්රහණයන් රැසක් අත්පත් කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අඟහරුවාදා ( ඔක්තෝබර් මස 10 ) දින සිය 68 වන යුද්ධ හමුදා දිනය අභිමානවත්ව සමරනු ලබයි. වර්ෂ 1949 දී ලංකා යුද්ධ හමුදාව ( Ceylon Army ) නමින් ඇරඹුණු යුද්ධ හමුදාව වර්ෂ 1972 දී ජනරජයක් බවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව .........
10th October 2017 00:13:32 පැය
යුද්ධ හමුදා 68 වන සංවත්සරයට සමගාමිව සිදු කරනු ලබන ආගමික වැඩසටහන් මාලාවෙහි අවසන් අදියර ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ බලමණ්ඩලයේ සංවිධායකත්වයෙන් අද (8) සවස පනාගොඩ බෝධිරාජාරාමයේ දී (යුද්ධ හමුදා විහාරස්ථානය) සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් පවත්වන ලදි.
09th October 2017 10:36:56 පැය
ජාතික ශීල්ප සභාව (National Crafts Council ) විසින් පවත්වනු ලබන ‘ශීල්ප අභිමානි - 2017’ ප්‍රදර්ශනයේදී යුද්ධ හමුදාවේ ආබාධිත රණවිරුවන් 43 දෙනෙකු විසින් සාමූහිකව හා කේවල වශයෙන් ඉදිරිපත් කරන ලද නිර්මාණාත්මක සහ සම්ප්‍රදායික අත්කම් නිර්මාණයන් එළිදක්වනු ලබන ප්‍රදර්ශන කුටියක්......
09th October 2017 10:15:22 පැය
68 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර දාගැබ අභියස දී හා කතරගම දේවාල පරිශ්‍රයේ දී සිකුරාදා (06) පස්වරුවේ යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි.....
08th October 2017 17:48:09 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට කාන්තා කැඩෙට් නිලධාරිනියන් බඳවාගැනීම සඳහා යුද්ධ හමුදා මූලස්ථානය විසින් අයදුම්පත් කැඳවා ඇත. වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිළ වෙබ් අඩවියේ (www.army.lk) මුල් පිටුවෙහි ‘අප හා එක්වන්න’ තිරුව හරහා අයඳුම්පත් බාගත කරගත හැකිය.
07th October 2017 10:03:20 පැය
54 වන ‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලියේ’ සමාප්ති උත්සවයේ සහ ජයග්රාහකයින්හට කුසලාන සහ සහතිකපත් පිරිනැමීම හෝමාගම, දියගම ක්‍රීඩාංගනයේ දී බ්‍රහස්පතින්දා (05) දින සන්ධ්‍යාවේ පැවැත්විණි. යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ගේ ආරාධනයෙන් සමාප්ති උත්සයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස.....