07th November 2017 21:50:33 පැය
එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් සඳහා නුඳුරේ දී මාලි බලා පිටත්ව යන භට පිරිස් හි යුධෝපකරණ තව දින 02 - 03 ක් තුල දී මුහුදින් ප්‍රවාහනය කිරීමට නියමිත අතර, අදාල භාණ්ඩ නැව් ගත කිරීම අධික්ෂණය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අඟහරුවාදා (07) දින පස්වරුවේ කොළඹ වරාය වෙත පැමිණියහ.
07th November 2017 21:42:33 පැය
22 වන නාවික හමුදාධිපති ලෙස පත් වූ වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි යූඑස්පි එන්ඩිසී පිඑස්සී ඒඕඩබ්ලිව්සි අද (06) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
06th November 2017 20:44:07 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින හමුදා අයවලුන් වෙනුවෙන් 2017 නොවැම්බර් මස 15 වන දින දක්වා ප්‍රකාශයට පත් කර ඇති දින 24 ක පොදු සමා කාලයට මේ වන විට යහපත් ප්‍රතිචාර ලැබී තිබේ. ඒ අනුව......
06th November 2017 20:41:53 පැය
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී 2017 නොවැම්බර් මස 02 සිට 05 දින දක්වා පැවති ‘INFOTEL ජාතික තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය - 2017’ හි......
06th November 2017 16:50:00 පැය
යුද්ධයෙන් තුවාල ලැබූ රණවිරුවන්ගේ සහජ කලාත්මක හැකියාවන් අගයමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද සන්ධ්‍යාවේදී (1) කොළඹ 7 ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේදී ඔවුන්ගේ කලා කුසලතාවයන් එළිදක්වමින් සංවිධානය කරන ලද අත්කම් හා කලා ප්‍රදර්ශණය උත්සවාකාරයෙන් විවෘත කරන ලදි.
03rd November 2017 18:44:52 පැය
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාම සාධක රාජකාරින් සඳහා තෝරා ගැනුණු පළමු ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා නිලධාරිණියන් දෙදෙනා අද (03) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.යුද්ධ හමුදාධිපතිතුමන් සාම සාධක නිරික්ෂණ රාජකාරි සඳහා පිටත්ව යන මෙම කාන්තා නිලධාරිණියන් දෙදෙනාට සුභ පැතුම් එක්කල අතර, හෙට දිනයේ දී මධ්‍යම අප්‍රිකාව බලා ඔවුන් පිටත්ව යෑමට නියමිතව ඇත.
03rd November 2017 17:36:09 පැය
රටවෙනුවෙන් දිවිපිදු රණවිරුවන් පිළිබඳ මතකයන් අවදි කරමින් සහ සේවයේ නියුතු රණවිරුවන් අගය කරමින් ජාඇල පදිංචි පහන් තරුෂ පුතණුවන් විසින් ගායනා කරන ලද ‘රණවිරු අපේ’ නව ගීත ඇතුළත් සංයුක්ත තැටිය අඟහරුවාදා (31) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත පිළිගන්වන ලදී.
02nd November 2017 22:14:56 පැය
කොළඹ 07 ජේ.ඒ.ඩි. පෙරේරා කලාගාරයේදි යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබු යුද්ධයෙන් ආබාධිත වු රණවිරුවන් පිරිසකගේ අත්කම් කලා නිර්මාණ ප්‍රදර්ශණය නැරඹීම සඳහා ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා බ්‍රහස්පතින්දා (07) දින පස්වරුවේදි පැමිණෙන ලදි.
28th October 2017 19:17:10 පැය
අතිගරු ජනාධිපතිතුමාගේ හරිත ගම්මාන සංකල්පයට අනුගත වෙමින් ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන ‘වන රෝපා’ වගා ව්‍යාපෘතියට සහයෝගයක් වෙමින් යුද්ධ හමුදාව විසින් අද උදෑසන (27) කන්දකාඩු, කන්තලේ යුද්ධ හමුදා ගොවිපලේ දුර්ලභ ශාක වර්ග 1500 ක් වගා කරමින් ‘රණවිරු හරිත අරණ’ වැඩසටහන ආරම්භ කරන ලදි.
28th October 2017 19:16:42 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සෙනසුරාදා (28) වන දින නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය වෙත නිල සංචාරයක් සිදු කරමින් එහි නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් හමු වී භට පිරිස් සුබසාධනය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.