Header

Sri Lanka Army

Defender of the Nation

03rd November 2017 18:44:52 Hours

එක්සත් ජාතින්ගේ හමුදා නිරික්ෂණ රාජකාරින් සඳහා පිටත්ව යන පළමු ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා නිලධාරිණියන් දෙදෙනා යුද්ධ හමුදාධිපති හමුවේ

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාම සාධක රාජකාරින් සඳහා තෝරා ගැනුණු පළමු ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා නිලධාරිණියන් දෙදෙනා අද (03) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.යුද්ධ හමුදාධිපතිතුමන් සාම සාධක නිරික්ෂණ රාජකාරි සඳහා පිටත්ව යන මෙම කාන්තා නිලධාරිණියන් දෙදෙනාට සුභ පැතුම් එක්කල අතර, හෙට දිනයේ දී මධ්‍යම අප්‍රිකාව බලා ඔවුන් පිටත්ව යෑමට නියමිතව ඇත.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මධ්‍යම අප්‍රිකානු සාම සාධක මෙහෙයුම්හි හමුදා නිරික්ෂණ රාජකාරින් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා නිලධාරිණියන් දෙදෙනෙකුට ආරාධනා ලැබුණු යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව ද මෙය වන අතර, මෙම කාන්තා නිලධාරිණියන් දෙදෙනා වසරක කාලයක් එහි රාජකාරින්හි නිරතවනු ඇත.

එක්සත් ජාතින්ගේ හමුදා රාජකාරින් සඳහා තෝරා ගැනුණු මෙම කාන්තා නිලධාරිණියන් දෙදෙනා වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මේජර් දිශාන්ති මෙන්ඩිස් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මේජර් නිශාන්ති ලියනගේ යුද්ධ හමුදාධිපතිවරයා හමුවු අවස්ථාවේ දී එක්සත් ජාතින්ගේ සංවිධානයේ කැපවීමෙන් සහ වගකීමෙන් රාජකාරි ඉටු කිරීමට ඔවුන් තුල ඇති කැමැත්ත ද මෙහිදි ප්‍රකාශ කළහ.

කාන්තා නිලධාරිණියන් දෙදෙනා ඇමතු යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ට ලැබීඇත්තේ ඉතා වටිනා අවස්ථාවක් බවත් තම වෘත්තිය නිපුණත්වය මනාව ප්‍රදර්ශනය කරමින් රාජකාරින් ඉටුකරන ලෙසත් ඉදිරියේදි ඔවුන් වැනි කාන්තා නිලධාරිණියන් කිහිපදෙනෙකුම එක්සත් ජාතින්ගේ හමුදා නිරික්ෂණ රාජකාරින් සඳහා එක්වීමට නියමිත බවත් යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් පැවසිය.

යුද්ධ හමුදා ක්‍රියාන්විත අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් අරුණ මුහන්දිරම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් දිල්රුක්ෂි මුණසිංහ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වර්ෂ 1955 දී ශ්‍රී ලංකාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලැබිමෙන් අනතුරුව යුද්ධ හමුදා පළමු එක්සත් ජාතින්ගේ මෙහෙයුම් භට පිරිස අප්‍රිකානු මහද්වීපයේ කොන්ගෝ රාජ්‍ය බලා පිටත්ව ගිය අතර, යුද්ධ හමුදා සාමාජිකයින් 16 දෙනෙකු ඇතුලත් වු එම කණ්ඩායම වර්ෂ 1960 දී සාම සාධක මෙහෙයුම් ආරම්භ කොට වර්ෂ 1962 දී අවසන් කරන ලදී.

latest Running Sneakers | シューズ