Header

Sri Lanka Army

Defender of the Nation

02nd November 2017 22:14:56 Hours

රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ කලා කුසලතාවයන් ඇගයුමට ආරක්ෂක ලේකම් පැමිණෙයි

කොළඹ 07 ජේ.ඒ.ඩි. පෙරේරා කලාගාරයේදි යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබු යුද්ධයෙන් ආබාධිත වු රණවිරුවන් පිරිසකගේ අත්කම් කලා නිර්මාණ ප්‍රදර්ශණය නැරඹීම සඳහා ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා බ්‍රහස්පතින්දා (07) දින පස්වරුවේදි පැමිණෙන ලදි.

කලා ප්‍රදර්ශණ භුමියට පැමිණි ආරක්ෂක ලේකම්තුමන් යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ශාන්ත තිරුනාවුකරසු විසින් ගෞරවයෙන් පිළිගන්නා ලදි. රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සහජ කුසලතාවය ආරක්ෂක ලේකම් තුමාගේ පැසසුමට ලක් වු අතර එතුමන් විසින් එම නිර්මාණ කරුවන් සමඟ පිළිසඳරක යෙදෙමින් ඔවුන්ගේ අත්කම් හා කලා නිර්මාණ මහත් ඇගයුමට ලක් කරන ලදී.

යුද්ධයෙන් තුවාල ලැබ පෙනීම අහිමිව, අත් පා අහිමිව හා එක්තැන්ව ප්‍රතිකාර ලබන විරෝධාර රණවිරුවන් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ඨ අත්කම් හා කලා නිර්මාණ මෙහිදි මහජන ප්‍රදර්ශණය සඳහා ඉදිරිපත් කර තිබුණි.

Buy Kicks | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf