Header

Sri Lanka Army

Defender of the Nation

03rd November 2017 17:36:09 Hours

යුද විරුවන් වෙනුවෙන් නිර්මාණය කල ‘රණවිරු අපේ’ නව ගීත ඇතුළත් සංයුක්ත තැටිය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගන්වයි

රටවෙනුවෙන් දිවිපිදු රණවිරුවන් පිළිබඳ මතකයන් අවදි කරමින් සහ සේවයේ නියුතු රණවිරුවන් අගය කරමින් ජාඇල පදිංචි පහන් තරුෂ පුතණුවන් විසින් ගායනා කරන ලද ‘රණවිරු අපේ’ නව ගීත ඇතුළත් සංයුක්ත තැටිය අඟහරුවාදා (31) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත පිළිගන්වන ලදී.

මෙම සංයුක්ත තැටියේ අඩංඟු ගීත තුන රණවිරුවන් පිළිබඳ ප්‍රසාදයට පත් පුතණුවන්ගේ ඉල්ලීම පරිදි යෝමාෂා චාවින්දි විසින් රචනා කර ඇති අතර, ‘සිදුව සකුරා’ සංගීත කණ්ඩායමේ ලලිත් සමන්ත මහතා විසින් සංගීතය සපයා ධම්මික මාදම්පගේ මහතා විසින් සංයුක්ත ගීත තැටියක් ලෙස නිෂ්පාදනය කර ඇත.

දිවිපිදු රණවිරුවන්ට උපහාර පුද කරමින් සහ සේවයේ නියුුතු රණවිරුවන් අගයමින් මෙවැනි ගීත තැටියක් නිර්මාණය කිරීම පිළිබඳව යුද්ධ හමුදාධිපති තුමන් විසින් කුඩා ගායක පුතුටත් ඔහුගේ දෙමාපියන්ටත් නිෂ්පාදක ඇතුළු ඒ සඳහා දායක වු අනෙකුත් අයටත් සිය ප්‍රසංශාව පුද කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් පහන් තරුෂ කුඩා පුතුගේ දක්ෂතාවය පිළිබඳව ඔහුගේ දෙමාපියන්, හමුදාධිපති අධි සහායක සහ පැමිණ සිටි අනෙකුත් අමුත්තන් හමුවේ ඇගයීමට ලක් කළහ.

spy offers | nike fashion