2021-03-14 19:00:43
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී හා ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අශෝක පිරිස්, පසුගිය සෙනසුරාදා (13) දින 1 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සංචාරයක නිරත වූයේය.
2021-03-14 18:45:43
යුද්ධ හමුදා පුහුණු අණසක විසින් සම්පාදනය කරනු ලැබූ ‘යුද්ධ හමුදා මුලධර්ම ග්‍රන්ථය’ (Sri Lanka Army Capstone Doctrine) පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් වෙනුවෙන් පසුගිය සෙනසුරාදා (13) දින වැලිකන්දේ පිහිටි එම ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවැත්විය.
2021-03-14 18:30:43
අද (17) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 286 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 12 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 274 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 94 ක් ලෙසය. ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 59 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 26 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 95 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.
2021-03-14 18:00:43
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවූ ‘වර්ෂ 2020 – 2025 ඉදිරි උපාය මාර්ගික’ සැලැස්මට අනුව දිවයින පුරා ආරක්ෂක සේනා මුලස්ථානවල සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන්ට සිය කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීමේ තෙදින වැඩමුළුවක් පසුගියදා යුද්ධ හමුදා මුලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
2021-03-14 15:58:43
ගුවන් සංක්‍රමික පුහුණු පාඨමාලා අංක - 22 යටතේ පුහුණුව සාර්ථකව අවසන් කල නිලධාරීන් 8 දෙනෙකු සහ සෙසුනිලයින් 180 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය පසුගිය බ්‍රහස්පතින්දා (11) දින හමුදා සම්ප්‍රදායානුකූලව නිකවැව පිහිටි ගුවන් සංක්‍රමික පුහුණු පාසලේදී පැවැත්විණි.
2021-03-14 12:58:43
ගොවීන් සහ ආරක්ෂක හමුදාවන් අතර සුහදතාවය හා සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යාපනයේ වගා කරන ලද එළවළු සහ පලතුරු යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකවල සේවය කරන යුද්ධ හමුදා සාමාජිකයින්ට සහනදායී මිලගණන් යටතේ අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය සිකුරාදා (12) දින යාපනයේදී ආරම්භ කරන ලදී.
2021-03-14 08:58:43
අද (16) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 331 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 83 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 248 දෙනා චදේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ.
2021-03-13 16:44:39
මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ අද (13) දින සන්ධ්‍යාවේ පැවැති ජාතික සුපර් ලීග් වොලිබෝල් - 2021 තරඟාවලියේ ප්‍රථමවරට ජාතික ශූරතාවය දිනාගත් යුද්ධ හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම වෙත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා උණුසුම් සුබපැතුම් එක් කළේය.
2021-03-13 16:30:39
ගල්කුලම, පදවි ශ්‍රීපුර පිහිටි 62 වන සේනාංක මුලස්ථානයේ නව නිලධාරි නිවස්නය ඉදිකිරීම සඳහා එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්ඇල්ල ගේ උපදෙස් මත පසුගිය බදාදා (10) දින මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ මුල්ගල් තැබුවේය.
2021-03-13 16:15:39
රම්බොඩ, තවලන්තැන්න ප්‍රදේශයේ පසුගිය ඉරිදා (14) දින හදිසියේ ඇතිවූ ගින්නක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 112 වන බලසේනාවේ භටපිරිස් විසින් මැඩපැවැත්වූහ.