Header

Sri Lanka Army

Defender of the Nation

14th March 2021 12:58:43 Hours

යුද්ධ හමුදා සාමාජිකයින්ට යාපනයේ වගා කළ එළවලු සහ පළතුරු සහන මිලට

ගොවීන් සහ ආරක්‍ෂක හමුදාවන් අතර සුහදතාවය හා සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යාපනයේ වගා කරන ලද එළවළු සහ පලතුරු යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකවල සේවය කරන යුද්ධ හමුදා සාමාජිකයින්ට සහනදායී මිලගණන් යටතේ අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය සිකුරාදා (12) දින යාපනයේදී ආරම්භ කරන ලදී.

මෙම ව්‍යාපෘතිය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාවට නැංවිණි.  

යුද්ධ හමුදා මූලස්ථානයේ සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් පහසුකම් සපයන ලද මෙම ව්‍යාපෘතියෙන් යාපනය අර්ධද්වීපයේ එළවළු වගාකරුවන්ගෙන් මිලදී ගත් නැවුම් එළවළු යුද්ධ හමුදා පවුල් අතර සහනදායි මිල ගණන් යටතේ අලෙවි කරනු ලැබිණි.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය සමඟ සම්බන්ධතාවයෙන් එම එළවළු තොග යුද හමුදා භටපිරිස් අතර සහනදායි මිල ගණන් යටතේ ඉකුත් සිකුරාදා (12) දින අලෙවි කරන ලදී. මෙම ව්‍යාපෘතිය මගින් යාපනය අර්ධද්වීපයේ හමුදා නිලධාරීන්ට සහ ගොවි ප්‍රජාවන්ට දිගුකාලීනව සහන රැසක් සැලසේ.

මීට අමතරව, යාපනය ගොවීන්ගෙන් මිලදී ගන්නා එළවළු සහ පළතුරු කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කෙරෙන අතර ඒවා යුද්ධ හමුදා සුභසාධන මධ්‍යස්ථාන හරහා හමුදා සාමාජිකයන් වෙත බෙදාහැරීමට කටයුතු පිළියෙල කර ඇත.

යුද්ධ හුමදාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා මූලස්ථානයේ සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂතුමන්ගේ සහ 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරීගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන තවදුරටත් ප්‍රවර්ධනය කර නුදුරේදී යුද්ධ හමුදා නිලධාරීන් දැනුවත් කිරීමට නියමිතව ඇත. Adidas footwear | Nike Running