2021-03-18 18:00:01
දියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වේලන්හින්න ප්‍රදේශයේ ඉකුත් බ්‍රහස්පතින්දා (18) දින වේගයෙන් පැතිරගිය ලැව් ගින්නක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් මැදිහත්වීමෙන් කඩිනමින් මැඩපැවැත්වීමට කටයුතු කළහ.
2021-03-18 16:00:01
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රංජන් ලමාහේවගේ මාර්තු මස 16 සහ 17 දිනවල 11 වන සේනාංක බලප්‍රදේශයේ සංචාරයක නිරත වූයේය.මෙම සංචාරය අතරතුර මේජර් ජෙනරල් රංජන් ලමාහේවගේ 111 වන බලසේනා මුලස්ථානය, 2 වන...
2021-03-18 15:22:47
කොළඹ විශ්වවිද්‍යාලයේ ‘නැණසවිය’ පූණ්‍ය සංවිධානයේ අනුග්‍රහය ඇතිව 66 වන සේනාංකයේ භටපිරිස් තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් පසුගියදා දියත්...
2021-03-18 15:12:01
පුත්තලම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආධුනික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන ආධුනික සෙබලුන්ගේ ප්‍රයෝජනය සඳහා නවතමයෙන් ස්ථාපිත කළ සුළු අවි විලම්භක විද්‍යාගාරය එම පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ලුතිනන් කර්නල්...
2021-03-18 15:00:01
භඨකාර්ය සම්පාදන අණසක මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් රන්ජන් ප්‍රේමලාල් ගේ උපදෙස් මත භඨකාර්ය සම්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුක් පසුගිය බදාදා (17) දින කොස්ගම, භඨකාර්ය සම්පාදන අණසක මුලස්ථානයේදී පැවැත්විණි. එම වැඩමුළුව සඳහා නිලධාරින් 25 දෙනෙක් සහ සෙසුනිලයින් 32 දෙනෙක් සහභාගී වූහ.
2021-03-17 22:24:53
පුනානි බලඇණි පුහුණු පාසලේ ආධුනික පුහුණු පාඨමාලා අංක - 01 යටතේ පැවැති ත්‍රෛමාසික පුහුණුව ලැබු ආධුනික සෙබලුන් 476 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය පසුගියදා පැවැත්විණි. බලඇණි පුහුණු පාසලේ සේනාවිධායකගේ ආරාධනයකට...
2021-03-17 22:22:32
අද (19) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 313 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 11 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 302 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 106 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 66 ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 29 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 101 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.
2021-03-17 22:20:32
10 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ භටපිරිස් මල්ලාවි, මන්තෙයි ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් සමඟ එක්ව සිරද්ධික්කුලම් ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදානමය වැඩසටහනක් ඉකුත් ඉරිදා (14) දින ක්‍රියාත්මක කළහ.
2021-03-17 22:15:32
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ පසුගිය සඳුදා (15) දින පුනරින් පිහිටි 66 වන සේනාංක මුලස්ථානයේ ප්‍රථම නිල සංචාරය සිදුකළේය. සේනාංක මුලස්ථානය වෙත සපැමිණි ආඥාපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ප්‍රධාන දොරටුව අභියසදී පිරිනැමීය.
2021-03-17 22:12:52
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ සිය 8 වන සංවත්සරය පසුගිය සෙනසුරාදා (13) දින ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් පවත්වන ලදී. සංවත්සරයට සමගාමීව දියතලාව ප්‍රදේශයේ රුක් රෝපණ වැඩසටහනක් ද පැවැත්විණි.