Header

Sri Lanka Army

Defender of the Nation

17th March 2021 22:24:53 Hours

පුනානි බලඇණි පුහුණු පාසලේ පුහුණුව ලැබු ආධුනික සෙබලුන් 476 දෙනෙකු විසිර යති

පුනානි බලඇණි පුහුණු පාසලේ ආධුනික පුහුණු පාඨමාලා අංක - 01 යටතේ පැවැති ත්‍රෛමාසික පුහුණුව ලැබු ආධුනික සෙබලුන් 476 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය පසුගියදා පැවැත්විණි.

බලඇණි පුහුණු පාසලේ සේනාවිධායකගේ ආරාධනයකට අනුව මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසුරිය සහභාගි වූයේය.

පාඨමාලාවේ හොඳම ශාරිරික යෝග්‍යතාවය හෙබි සෙබලාට හිමි කුසලානය ආධුනික සෙබල පී.ඩබ්ලිව්.පී.ඩි වීරසිංහ හිමිකරගත් අතර හොඳම වෙඩික්කරුට හිමි කුසලානය ආධුනික සෙබල ඒ.ඒ.ඩි.ඩි. අධිකාරී හිමිකරගත්තේය.

පාඨමාලාව පුරාවටම දක්‍ෂතා දැක්වූ ආධුනික සෙබල එච්.පී.ටී.එම්. සම්පත් විසින් පාඨමාලාවේ සෑම අතින්ම අතීශූර සෙබලාට හිමි කුසලානය හිමිකරගත් අතර ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් කුසලාන ප්‍රදානය කළේය.

මෙම විසිරයාමේ පෙලපාලියට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Running Sneakers Store | Ανδρικά Nike