Header

Sri Lanka Army

Defender of the Nation

18th March 2021 15:22:47 Hours

66 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් පාසල් උපකරණ තොගයක් බෙදාදෙයි

කොළඹ විශ්වවිද්‍යාලයේ ‘නැණසවිය’ පූණ්‍ය සංවිධානයේ අනුග්‍රහය ඇතිව 66 වන සේනාංකයේ භටපිරිස් තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් පසුගියදා දියත් කරමින් එම ප්‍රදේශයේ පාසල් 7 ක අධ්‍යාපනය හදාරණ අඩුආදායම්ලාභි පවුල්වල සිසුන් 70 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදෙන ලදී. මෙම උත්සවය පසුගිය සෙනසුරාදා (13) දින පුනරීන් මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක සහභාගි වූයේය.

661 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ශාන්ත හේවගේ ලබාදුන් උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. පාසල් උපකරණ බෙදාදීමේ මෙම උත්සවයට 661 වන බලසේනා බලප්‍රදේශයේ සේවයේ නියුතු අණදෙන නිලධාරීන්, ‘නැණසවිය’ පූණ්‍ය සංවිධානයේ සාමාජිකයින් සහ පාසලේ ගුරුවරුන් සහභාගි වූහ. bridge media | nike fashion