Header

Sri Lanka Army

Defender of the Nation

18th March 2021 15:00:01 Hours

නිලධාරීන් සහ සෙසුනිලයන් සඳහා භඨකාර්ය සම්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක්

භඨකාර්ය සම්පාදන අණසක මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් රන්ජන් ප්‍රේමලාල් ගේ උපදෙස් මත භඨකාර්ය සම්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුක් පසුගිය බදාදා (17) දින කොස්ගම, භඨකාර්ය සම්පාදන අණසක මුලස්ථානයේදී පැවැත්විණි. එම වැඩමුළුව සඳහා නිලධාරින් 25 දෙනෙක් සහ සෙසුනිලයින් 32 දෙනෙක් සහභාගී වූහ.

සියලුම රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජනය කරමින් නිලධාරීන් සහ සෙසුනිලයින් මෙම වැඩමුළුවට සහභාගි වූ අතර පාඨමාලාව අවසානයේදී සියල්ලන් වෙත සහතිකපතක් ද පිරිනැමිණි. Best Sneakers | New Balance 991 Footwear