2024-04-12 16:47:55
582 පාබල බලසේනාව වෙතින් විශේෂ අවශ්‍යතා සහිත ළමුන් 83 දෙනෙකු වෙනුවෙන් 2024 අප්‍රේල් මස 08 දින හොරණ ‘සුඛිත ආබාධිත ළමා නිවාසයේදී’ සංගීත වැඩසටහනක් පැවැත්වීය.
2024-04-12 16:43:54
2024 සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් 2024 අප්‍රේල් මස 10 දින යාපනය ප්‍රදේශයේ පිහිටි දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී සම්ප්‍රදායික අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වීය. ඒ සඳහා යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගී වූහ.
2024-04-12 16:40:16
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානය වෙතින් 2024 අප්‍රේල් මස 09 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වීය.
2024-04-11 15:07:19
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් විසින් 2024 අප්‍රේල් මස 07 දින මුලතිව් ප්‍රදේශයේ ස්ථාපිත ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානය විවෘත කරන ලදී. මෙම නව පුහුණු මධ්‍යස්ථානය තුළින් ජාතියේ අනාගත නායකයින් හැඩගැස්වීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරමින් ශිෂ්‍යභටයින් දහස් ගණනකට පුහුණු අවස්ථාවන් සැලැස්වීමට කටයුතු කරනු ලබයි. දැනට ශිෂ්‍යභටයින් පුහුණු කිරීමේ කටයුතු රන්ටැඹේ ප්‍රදේශයේ ස්ථාපිත ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානය තුළ සිදුකරනු ලබන අතර තරුණ ශිෂ්‍ය භටයින් වගකිවයුතු සහ දක්ෂ නායකයින් බවට පත් කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් මෙමඟින් ඉටුකෙරේ.
2024-04-11 15:05:49
යාපනය, අල්ලයිපිඩ්ඩි ප්‍රදේශයේ
2024-04-11 15:04:02
ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය වෙතින් සංවිධානය කරනු ලැබූ 75 වන Mr. Sri Lanka ජාතික කායවර්ධන ශූරතාවලිය 2024’ තරඟාවලියේදී යුද්ධ හමුදා කායවර්ධන ක්‍රීඩකයින් සිය දක්ෂතා එළිදැක්වීය. වැලිසර නවලෝක ක්‍රීඩාංගණයේදී 2024 අප්‍රේල් මස 5 දින පැවති මෙම තරඟාවලිය සඳහා දිවයින පුරා ක්‍රීඩා කණ්ඩායම් නවයක් සහභාගි වූහ.
2024-04-11 15:03:52
ධූරයෙන් නික්ම යන ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න
2024-04-11 15:01:34
1 බලකා මූලස්ථානයේදී 2024 අප්‍රේල් මස 06 දින
2024-04-11 14:57:09
අම්පාර සටන් පුහුණු පාසලේදී කොමිෂන් නොලත් නිලධාරින් වෙනුවෙන් පැවති ‘ජ්‍යෙෂ්ඨ නායකත්ව සහ වෘත්තීය සංවර්ධන පාඨමාලා අංක - 55’ හි සහතිකපත් ප්‍රධානෝත්සවය 2024 අප්‍රේල් මස 10 දින පැවැත්විණි.
2024-04-11 14:54:54
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් බොරැල්ල ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී 2024 අප්‍රේල් මස 03 දින නිලධාරින්, සෙසුනිලයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම් උත්සවය පැවැත්වීය.