Header

Sri Lanka Army

Defender of the Nation

11th April 2024 14:54:54 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය වෙතින් අලුත් අවුරුදු සැමරුම් උත්සවයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් බොරැල්ල ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී 2024 අප්‍රේල් මස 03 දින නිලධාරින්, සෙසුනිලයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම් උත්සවය පැවැත්වීය.

කඹ ඇදීම, අවුරුදු කුමරිය තේරීම, අලියට ඇස තැබීම සහ බනිස් කෑම වැනි ජනක්‍රීඩා ඇතුළු සිංහල හා දමිළ සම්ප්‍රදායික අංගයන් රැසකින් මෙම උත්සවය වර්ණවත් කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නයෝමි ගුණරත්න මහත්මිය සහභාගී වූ අතර ජන ක්‍රීඩා තුළින් ජයග්‍රහණ ලබාගත් අයවළුන් වෙත එතුමියගේ සුරතින් ත්‍යාග ප්‍රදානය කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පිඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් මෙම උත්සවය ක්‍රියාත්මක කරන ලදී.

උත්සවය සමාප්තියේ, එම රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් වියළි ආහාර සලාක පාර්සල් සහ තෑගි පාර්සල් පරිත්‍යාග කරන ලදී.