Header

Sri Lanka Army

Defender of the Nation

12th April 2024 16:40:16 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් අලුත් අවුරුදු සැමරුම් උත්සවයක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙතින් 2024 අප්‍රේල් මස 09 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වීය.

මෙම අලුත් අවුරුදු සැමරුම් උත්සවය ගම හරහා දිවීම, ග්‍රීස් ගසේ නැගීම, කොට්ටපොර, කඹ ඇඳීම, විකට ඇඳුම් තරඟය ආදී සම්ප්‍රදායික ජන ක්‍රීඩාවන් රැසකින් වර්ණවත් විය. මීට අමතරව, එම පරිශ්‍රයේ ගැමි ගෙදරක් ද නිර්මාණය කර තිබිණි.

මෙම අලුත් අවුරුදු සැමරුමට සමගාමීව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් 34 දෙනෙකු වෙත ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ සුරතින් අලුත් අවුරුදු ත්‍යාගයන් ද පිරිනැමිණි. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සංගීත සන්දර්ශනයක් ද පැවැත්විණි.

මෙම අවස්ථාවන් සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.