Header

Sri Lanka Army

Defender of the Nation

11th April 2024 15:05:49 Hours

මොන්ට්ෆෝට් ජාත්‍යන්තර පාසලේ 2 වන සංවත්සර දිනය වෙනුවෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්

යාපනය, අල්ලයිපිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි මොන්ට්ෆෝට් ජාත්‍යන්තර පාසලේ 2 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 අප්‍රේල් මස 09 දින ‘Empowering to Shine’ තේමාව ඔස්සේ සැමරුම් උත්සවයක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය. උත්සවයේ අරම්භය සනිටුහන් කරමින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව සම්භාවනීය අමුත්තන් වෙත සමරු තිළිණ ප්‍රදානය කෙරිණි. උත්සවය අතරතුරදී, සිසු සිසුවියන්ගේ ගීත, නර්තනයන්, දේශන සහ නාට්‍ය ඇතුළු අංගයන්ගෙන් උත්සවය වර්ණවත් කරමින් සිය දක්‍ෂතාවයන් එළිදැක්වූහ.

මෙම අවස්ථාවේදී, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය දේශනයක් සිදුකරමින්, අධ්‍යාපනයේ වැදගත්කම, ඒ සඳහා දෙමාපියන්ගේ මැදිහත්වීම සහ අධ්‍යාපනය සඳහා සිසුන්ගේ අභිප්‍රේරණය පිළිබඳ අවධාරණය කරමින්, තරුණ කුසලතා පෝෂණය කිරීම සඳහා පාසල වෙතින් දරණ වෑයම ඇගයීමට ලක්කළේය.

මෙම අවස්ථාවට උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික කටයුතු, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පැට්‍රික් ඩිරංජන් මහතා, ආගමික නායකයින්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ දෙමාපියන් පිරිසක් සහභාගි වූහ.