2018-09-03 18:10:47
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන යටතේ ස්ථාපිත 65 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් එම සේනාංකය විසින් සංවිධානය කරනු ලැබු තොරතුරු තාක්ෂණ පාඨමාලා අංක - 03 සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 20 ක් සහභාගි වූ අතර, එහි සහතිකපත් ප්රදානෝත්සවය සිකුරාදා (31) දින පැවැත්විණි.
2018-09-03 18:00:09
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 224 වන බලසේනාවේ විශේෂ වැඩසටහන් රැසක් සමඟින් සෙනසුරාදා (25) දින සිය 7 වන සංවත්සරය සමරනු ලැබීය. සංවත්සර දිනයේ දී, 224 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඊ.ඒ.පී. එදිරිවීර වෙත ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.
2018-09-01 23:18:11
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වශයෙන් රාජකාරි කල මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සිය ධූරයෙන් නික්මයාමේ උත්සවය හමුදා සම්ප්‍රදායානුකුලව සෙනසුරාදා (01) දින එම රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි. නික්මයාමේ උත්සවය සඳහා සපැමිණි යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන්ට හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීය.
2018-09-01 13:18:11
නේපාලයේ පැවැති ‘2 වන COAS ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය - 2018’ හිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ විශේෂ බලකා කණ්ඩායම දස්කම් දක්වමින් සමස්ථ තරඟාවලියේ පස්වන ස්ථානය හිමි කරගැනීමට සමත්විය.
2018-09-01 06:20:11
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 සහ 653 වන බලසේනා බලප්‍රදේශයන්හි ස්ථානගත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් සෙනසුරාදා (25) දින පලෛයිනගර් විද්‍යාල පරිශ්‍රය සහ අඟහරුවාදා (28) දින පල්ලවාරයන්කඩ්ඩු පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසහනක් පවත්වනු ලැබීය.
2018-08-31 17:05:25
බංගලාදේශයේ සාමය හා ආරක්ෂාව පිළිබඳ අධ්‍යයන ආයතනයේ සභාපති මෙන්ම බංගලාදේශයේ දේශගුණික විපර්යාස පිළිබඳ ගෝලීය හමුදා උපදේශක සභාවේ සභාපති මේජර් ජෙනරාල් ඒ.එන්.එම් මුනිරුසුමන් (විශ්‍රාමික) විසින් භූ-ඉංජිනේරු විද්‍යාවෙහි ක්‍රියාකාරිත්වයට අදාළ විෂය ක්ෂේත්රයන් ආවරණය වන පරිදි පර්යෝෂන සිදු කරනු ලබන අතර එම විෂයන් සම්බන්ධව....
2018-08-31 16:58:25
කොළඹ ආරක්ෂක සමුළුව - 2018 හී දෙවන සැසිවාරය ‘සමාජ මාධ්‍ය හා සත්‍යතාව : ගෝලීය ආරක්ෂක අභියෝගයන්’ යන තේමාව යටතේ පැවැති අතර එහිදි පකිස්ථානයේ ඉස්ලාම්බාද් හී උපාය මාර්ගික අධ්‍යයන ආයතනය පර්යේෂණ සහායක අමනා රෆැක් මහත්මිය (Ms Aamna Rafiq) කෙටි විශ්ලේෂණයකින් ගෝලීය ආරක්ෂාව කෙරෙහි සමාජ ජාලාවන්හි ඇති අභියෝගයන් පිළිබඳ අවධාරණය කළහ.
2018-08-31 16:43:35
‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ තේමාව යටතේ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.
2018-08-31 16:30:35
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආරාධනයෙන් ලෝකය පුරා සිටින විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් 8 වන වරටත් පවත්වනු ලබන ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2018’ අද (30) දින උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ආරම්භ විය.
2018-08-30 18:23:09
‘කොළඹ ආරක්ෂක සමුළුව - 2018’ බ්‍රහස්පතින්දා (30) දින උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ආරම්භ වූ අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අග්‍රාමත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රධාන දේශනය.....