31st August 2018 17:05:25 Hours
බංගලාදේශයේ සාමය හා ආරක්‍ෂාව පිළිබඳ අධ්‍යයන ආයතනයේ සභාපති මෙන්ම බංගලාදේශයේ දේශගුණික විපර්යාස පිළිබඳ ගෝලීය හමුදා උපදේශක සභාවේ සභාපති මේජර් ජෙනරාල් ඒ.එන්.එම් මුනිරුසුමන් (විශ්‍රාමික) විසින් භූ-ඉංජිනේරු විද්‍යාවෙහි ක්‍රියාකාරිත්වයට අදාළ විෂය ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි පර්යෝෂන සිදු කරනු ලබන අතර එම විෂයන් සම්බන්ධව විස්තරාත්මක දේශනයක් ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2018’ දී ඉදිරිපත් කරනු ලැබීය. එහිදි පහත කරුණු ආවර්ණය වන පරිදි කරුණු රැසක් සාකච්ඡාවට භාජනය කරනු ලැබීය.
ඒ අනුව භූ-ඉංජිනේරු විද්‍යාව, සූර්ය විකීරණ කළමනාකරණය (SRM), ඇල්බඩෝ වැඩිදියුණු කිරීම, අභ්‍යවකාශ පරාවර්තක, වායුගෝල, සිද්ධි අධ්‍යයනය, කාබන්ඩයොක්සයිඩ් වලින් වන බලපෑම අවම කිරීම, දේශගුණික වායුග්‍රහණය, හාවඩ් ව්‍යාපෘතිය, ආරක්‍ෂක බලපෑම්, පාලන ව්‍යුහයේ අවශ්‍යතාවය, ඔක්ස්ෆර්ඩ් මූලධර්ම ආදි කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් තවදුරටත් සාකච්ඡා කෙරිණි.
මිහිතලයේ දේශගුණික පද්ධති සහ ඒ ආශ්‍රීත ගැටලු, භූ-ඉංජිනේරු ශීල්පක්‍රම සංවර්ධනය හා අධීක්ෂණය කිරීම සඳහා ගෝලීය මට්ටමින් විශේෂ ආකාරයක පාලනයක් අවශ්‍ය බවත් භූ-ඉංජිනේරු විද්‍යාව වැඩිදියුණු කිරීමට විශ්වීය මට්ටමින් මැදිහත්වීමක් සිදු කල යුතු බවටත් වැඩිදුරටත් යෝජනා විය. jordan Sneakers | Nike News