Header

Sri Lanka Army

Defender of the Nation

31st August 2018 16:58:25 Hours

සමාජ ජාල භාවිතය පිළිබඳ විශ්ලේෂණාත්මකව දැනුවත් කෙරේ

කොළඹ ආරක්‍ෂක සමුළුව - 2018 හී දෙවන සැසිවාරය ‘සමාජ මාධ්‍ය හා සත්‍යතාව : ගෝලීය ආරක්‍ෂක අභියෝගයන්’ යන තේමාව යටතේ පැවැති අතර එහිදි පකිස්ථානයේ ඉස්ලාම්බාද් හී උපාය මාර්ගික අධ්‍යයන ආයතනය පර්යේෂණ සහායක අමනා රෆැක් මහත්මිය (Ms Aamna Rafiq) කෙටි විශ්ලේෂණයකින් ගෝලීය ආරක්‍ෂාව කෙරෙහි සමාජ ජාලාවන්හි ඇති අභියෝගයන් පිළිබඳ අවධාරණය කළහ.

එහිදි එතුමිය, සමාජ ජාලා යනුවෙන් අදහස් වනුයේ කුමක්දැයි යන වගත් එය භාවිතා කලයුතු ආකාරය පිළිබඳවත් පැහැදිලි කරදෙන ලදී.

අන්තර්ජාලය ආශ්‍රයෙන් භාවිතයේ යෙදෙන ලොවපුරා භාවිතාවන සමාජයේ බොහෝමයක් පිරිස භාවිතා කරනු ලබන 2010 – 2021 දශකය තුල භාවිතාවන සමාජ ජාලා සත්‍යතා තුල පදනම් වී කටයුතු කලයුතු බව ප්‍රකාශ කරන ලදී.

ගෝලීය ආරක්‍ෂාවට මෙන්ම සමාජ ජාලා හේතුවෙන් පුද්ගල ආරක්‍ෂාවට පෞද්ගලිකත්වයට සමාජ ජාලා තුලින් බොහෝ බලපෑම් සිදුවන බවත් ඒවාට කදිම නිදසුන් ලෙස තොරතුරු අවභාවිතය සහ ඒ තුලින් ඇතිවන තර්ජන පිළිබඳව පැහැදිලි කරන ලදි. එහිදි ෆේස්බුක්, ට්වීටර් සහ අනෙකුත් සමාජ ජාලා නිදසුන් වශයෙන් ගෙන පෙන්වාදෙනු ලැබීය. buy shoes | Entrainement Nike