Header

Sri Lanka Army

Defender of the Nation

03rd September 2018 18:10:47 Hours

65 වන සේනාංකය විසින් පැවැත්වූ තොරතුරු තාක්‍ෂණ පාඨමාලාව සාර්ථකව අවසන්

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන යටතේ ස්ථාපිත 65 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ තොරතුරු තාක්‍ෂණ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් එම සේනාංකය විසින් සංවිධානය කරනු ලැබු තොරතුරු තාක්‍ෂණ පාඨමාලා අංක - 03 සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 20 ක් සහභාගි වූ අතර, එහි සහතිකපත් ප්‍රදානෝත්සවය සිකුරාදා (31) දින පැවැත්විණි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්. කුමාරප්පෙරුම විසින් පාඨමාලාවේ සමාප්ති දේශණය ද සිදුකරනු ලැබීය. url clone | New Releases Nike