Header

Sri Lanka Army

Defender of the Nation

පුවත් විශේෂාංග

  • සංගීතය හදාරණු ලබන ආබාධිත රණවිරුවන් දෙදෙනෙකුට සංගීත භාණ්ඩ පරිත්‍යාගයක්

    2018-10-26 22:45:22

    සංගීතය හදාරණු ලබන ආබාධිත රණවිරුවන් දෙදෙනෙකුට සංගීත භාණ්ඩ පරිත්‍යාගයක්

    යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම විජයබාහු පාබල රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ මූලිකත්වයෙන් Taniya Caters ආයතනයේ අධිපති ජේ.එස්.පී. ජයසිංහ මහතා සහ නිකවැරටිය රොටරි සමාජය එක්ව නව ඔක්තපැඩ්යක් (Octapad) සඳුදා (22) දින මාතර, කඹුරුපිටිය අභිමන්සල - 2 හී නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන් දෙදෙනකු වෙත පරිත්‍යාග කරනු ලැබීය.

  • භඨ කාර්ය සම්පාදන අණසක හි නව කාර්ය නියුක්ත ආඥාපති රාජකාරි අරඹයි

    2018-10-26 13:55:21

    භඨ කාර්ය සම්පාදන අණසක හි නව කාර්ය නියුක්ත ආඥාපති රාජකාරි අරඹයි

    භඨ කාර්ය සම්පාදන අණසක මූලස්ථානයේ නව කාර්ය නියුක්ත ආඥාපති ලෙස මේජර් ජෙනරාල් සී.එස්. ඇටිපොල සිකුරාදා (26) දින සිය කාර්යාලයේ පැවැති උත්සවයක දී රාජකාරි භාරගනු ලැබීය. සාලාව, යුද්ධ හමුදා භඨ කාර්ය සම්පාද අණසක මූලස්ථානයේ දී නව කාර්ය නියුක්ත ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමු අතර....

  • කිලිනොච්චි සිවිල් වැසියන්ගේ ජිවන තත්ත්වය නගාසිටුවීම සඳහා පශු සම්පත් පිළිබඳ දැනුම ප්‍රවර්ධනය කෙරේ

    2018-10-26 13:52:21

    කිලිනොච්චි සිවිල් වැසියන්ගේ ජිවන තත්ත්වය නගාසිටුවීම සඳහා පශු සම්පත් පිළිබඳ දැනුම ප්‍රවර්ධනය කෙරේ

    කිලිනොච්චි සහ ඒ අවට ප්‍රදේශයන්හි ජිවත්වන අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථීක තත්ත්වය නගාසිටුවීමේ අරමුණින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මූලස්ථානය විසින් අඟහරුවාදා (23) දින ගව ගොවීන් 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සඳහා පශු සම්පත් සහ ගව පට්ටි පාලනය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක්....

  • අධ්‍යාපනික ප්‍රදර්ශනය සඳහා භට පිරිස්හි සහාය

    2018-10-26 13:00:29

    අධ්‍යාපනික ප්‍රදර්ශනය සඳහා භට පිරිස්හි සහාය

    58 වන සේනාංකය යටතේ ස්ථාපිත 581 වන බලසේනා භට පිරිස් විසින් 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ගේ මඟපෙන්විම සහ 581 බලසේනාවේ බලසේනාධිපති ගේ උපදෙස් මත බලපිටිය, රේවත විද්‍යාලයේ වාර්ෂික අධ්‍යාපන ප්‍රදර්ශනය සහ වෙළඳ ප්‍රදර්ශනය සඳහා සිය දායකත්වය දක්වනු ලැබීය.

  • මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති රාජකරි අරඹයි

    2018-10-26 11:51:29

    මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති රාජකරි අරඹයි

    මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා බ්‍රහස්පතින්දා (25) දින දියතලාව යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපිත සිය කාර්යාලයේ පැවැති උත්සවයකදී රාජකාරි භාරගනු ලැබීය. ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව ආඥාපතිතුමන්ට කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය. අනතුරුව, එතුමන් බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ...

  • මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ නව ආඥාපති රාජකාරි අරඹයි

    2018-10-26 11:30:29

    මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ නව ආඥාපති රාජකාරි අරඹයි

    මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ නව ආඥාපති ලෙස බ්‍රිගේඩියර් ජේ.ඒ.ඩි.පී. ජයතිලක බ්‍රහස්පතින්දා (25) දින ආගමික වතාවත් මධ්‍යයේ සිය කාර්යාලයේ දී රාජකාරි භාරිගනු ලැබීය.

  • ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

    2018-10-25 17:16:04

    ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් බ්‍රහස්පතින්දා (25) දින කොස්ගම පිහිටා ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ පැවැති උත්සවයකදි රාජකාරි අරඹනු ලැබීය.

  • ඉංජිනේරු බලසේනාව රුක් රෝපණ ව්‍යාපෘතියක

    2018-10-25 17:00:04

    ඉංජිනේරු බලසේනාව රුක් රෝපණ ව්‍යාපෘතියක

    ජාතික ‘වන රෝපා’ රුක් රෝපණ වැඩසටහනට සමගාමීව බූ ඔය, ඉංජිනේරු බලසේනාවේ භට පිරිස් එම මූලස්ථාන පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් සඳුදා (20) දින දියත් කරනු ලැබීය. ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එන්. අමරසේකර ගේ උපදෙස්....

  • ‘හර්මටාන් - 2’ (Ex Harmattan) විශේෂ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය සාර්ථකව අවසන්

    2018-10-25 15:05:12

    ‘හර්මටාන් - 2’ (Ex Harmattan) විශේෂ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය සාර්ථකව අවසන්

    මාලි දේශයේ සාමසාධක රාජකාරින් සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දෙවන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය (Combat Convoy Company) සඳහා පවත්වනු ලැබූ ‘හර්මටාන් - 2’ (Ex Harmattan) විශේෂ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි කිලෝමීටර 680 ක දුරක් සාර්ථකව ගමන් කර බ්‍රහස්පතින්දා (25) දින යාපනය, චුන්ඩිකුලම් හී පිහිටි 55 වන සේනාංක බළඇණි පුහුණු පාසලේ දී නිමාවට පත්විය.

  • යාපනයේ භට පිරිස් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් වෙත පාපැදි බෙදාදෙයි

    2018-10-25 13:52:59

    යාපනයේ භට පිරිස් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් වෙත පාපැදි බෙදාදෙයි

    යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහයෝගය ඇතිව එම ප්‍රදේශයේ අඩු ආදයම්ලාභි පවුල්වල සිසුන් දිරීගැන්වීමේ අරමුණින් පාපැදි සහ පාසල් උපකරණ බෙදාදීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් අඟහරුවාදා (23) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී දියත් කරන ලදී.