26th October 2018 22:45:22 Hours
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම විජයබාහු පාබල රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ මූලිකත්වයෙන් Taniya Caters ආයතනයේ අධිපති ජේ.එස්.පී. ජයසිංහ මහතා සහ නිකවැරටිය රොටරි සමාජය එක්ව නව ඔක්තපැඩ්යක් (Octapad) සඳුදා (22) දින මාතර, කඹුරුපිටිය අභිමන්සල - 2 හී නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන් දෙදෙනකු වෙත පරිත්‍යාග කරනු ලැබීය.
මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සිය කාර්යාලයේ දී රණක්‍ෂිතයට පත් රණවිරුවන් දෙදෙනාට මෙම වටිනා සංගීත භාණ්ඩය පරිත්‍යාග කරනු ලැබීය. තවද එහිදි මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන රණක්‍ෂිතයට පත් සංගීතය හදාරණු ලබන රණවිරුවන් සඳහා කරන ලද මෙම පරිත්‍යාගය වෙනුවෙන් පරිත්‍යාගශීලින්ට සිය කෘතඥතාවය පුද කළහ. latest Nike Sneakers | UOMO, SCARPE