Header

Sri Lanka Army

Defender of the Nation

25th October 2018 17:00:04 Hours

ඉංජිනේරු බලසේනාව රුක් රෝපණ ව්‍යාපෘතියක

ජාතික ‘වන රෝපා’ රුක් රෝපණ වැඩසටහනට සමගාමීව බූ ඔය, ඉංජිනේරු බලසේනාවේ භට පිරිස් එම මූලස්ථාන පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් සඳුදා (20) දින දියත් කරනු ලැබීය.

ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එන්. අමරසේකර ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබූ මෙම රුක් රෝපණ වැඩසටහනේ දී නික, රත්මල්, බෙහෙත් නෙල්ලි, කොමාරිකා, බුලු, කහ, දෙළුම්, දොඩම්, කුඹුක්, මී, එරබඳු, හාතවාරියා වැනි පැළ 100 කට අධික ප්‍රමාණයක් එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ රෝපණය කරන ලදී.

මෙම පැළ මැණික්ෆාම් රජයේ ගොවිපලෙන් මෙන්ම අනුරාධපුර සහ වවුනියා කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවෙන් ලබාගනු ලැබීය. Adidas shoes | New Jordans – Air Jordan 2021 Release Dates , Gov