Header

Sri Lanka Army

Defender of the Nation

26th October 2018 13:00:29 Hours

අධ්‍යාපනික ප්‍රදර්ශනය සඳහා භට පිරිස්හි සහාය

58 වන සේනාංකය යටතේ ස්ථාපිත 581 වන බලසේනා භට පිරිස් විසින් 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ගේ මඟපෙන්විම සහ 581 බලසේනාවේ බලසේනාධිපති ගේ උපදෙස් මත බලපිටිය, රේවත විද්‍යාලයේ වාර්ෂික අධ්‍යාපන ප්‍රදර්ශනය සහ වෙළඳ ප්‍රදර්ශනය සඳහා සිය දායකත්වය දක්වනු ලැබීය.

එහිදි භට පිරිස් විසින් යුද්ධ හමුදාවේ විකාශනය, යුධමය සටන්, ප්‍රජා ව්‍යාපෘති ආදිය සමඟින් යුද්ධ හමුදාවේ වටිනා ඡායාරූප ඇතුලත් ප්‍රදර්ශන කුටියක් ඉදිරිපත් කර තිබුණු අතර, ඒ සඳහා නරඹන්නන් විශාල පිරිසක් පැමිණෙන ලදි.

ඔක්තෝබර් මස 24 දින ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය ඔක්තෝබර් මස 28 දින අවසන් විය. url clone | Air Jordan