2018-12-07 20:45:29
මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 115 දෙනෙකු රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලය, ආපදා කළමනාකරණ නිලධාරීන්, රෝහල් කාර්ය මණ්ඩලය සහ රාජ්‍ය නොවන ආයතනයන්හි නිලධාරීන්ගේ සහයෝගය ඇතිව හදිසි නායයෑම් වලට ලක්වන හාලිඇල, ඇල්ල, බණ්ඩාරවෙල, හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රදේශයන්හි ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයකදි ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ පෙර දැනුවත් කිරීමේ වැඩසටහනක් අඟහරුවාදා (04) දින පවත්වනු ලැබීය.
2018-12-07 20:30:29
මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත 12 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙනවීමෙන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 8 වන ගැමුණු හේවා බළඇණියේ සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් ඩෙංගු මර්ධන වැඩසටහනක් දියත් කළහ.
2018-12-07 20:15:29
ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් මැක්නිනන් මහතා (H.E David Mckinnon) බ්‍රහස්පතින්දා (06) දින යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවු අතර මෙම සුහද හමුව සඳහා කැනේඩියානු තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී පී. ගෝබිනාත් මහතා (Mr. P Gobinath) ද එක්ව සිටිහය.
2018-12-06 18:30:15
නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන් බදාදා (05) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම විනයාරක්‍ෂකාධිපති මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි. සිරිසේන, උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් එච්. කුලතුංග, මනෝවිද්‍යා.....
2018-12-06 13:45:14
හැලුම්මහර, දෙකටන පිහිටි ‘බවුන්සෙත් මානසික සුවසෙවන’ භාවනා මධ්‍යස්ථානයේ දී බදාදා (05) දින පූජ්‍ය දියසේනපුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් භාවනා වැඩසටහනක් පැවැත්වූණු අතර එම භාවනා වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් 5 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 58 ක් සහභාගි වූහ.
2018-12-06 13:18:14
අභාවප්‍රාප්ත විශ්‍රාමික මේජර් ජෙනරාල් ටි. සිවශන්මුගම්ගේ අවසන් කටයුතු බදාදා (05) දින සන්ධ්‍යාවේ පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ කොළඹ පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි. කොළඹ යුද්ධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සෙනසුරාදා (01) දින හදිසියේ අභාවප්‍රාප්ත වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් ටි. සිවශන්මුගම්.....
2018-12-06 10:34:58
නොපසුබට උත්සහයකින් යුතු 6 වන ගජබා රෙජිමේන්තුවේ වීරෝධාර රණවිරු කෝප්‍රල් ගැමුණු කරුණාරත්න සිය රෝදපුටුවෙන් දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා කිලෝමීටර් 576 ක දුරක් ගමන් කිරීමේ අති දුෂ්කර අභියෝගාත්මක ගමනේ සිව්වන දිනය ගිරිඋල්ල ප්‍රදේශයේ දී බ්‍රහස්පතින්දා (06) දින උදැසන 8.00 ට පමණ ආරම්භ කරන ලදී.
2018-12-05 18:37:46
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව ඌව කුඩාඔය පිහිටි කමාන්ඩෝ පුහුණු පාසලේ නිලධාරීන් විසින් ගුරුභවතුන්ගේ ‘නායකත්ව හැකියාවන් හා ධනාත්මක ආකල්ප’ වර්ධනය කිරීමේ අරමුණින් දෙදින පුහුණු වැඩමුළුවක් දෙසැම්බර් මස 1 දින සිට 3 දින දක්වා ඌව කුඩාඔය කමාන්ඩෝ පුහුණු පාසලේ දී පවත්වනු ලැබීය.
2018-12-05 16:46:32
නේපාලයේ, කත්මන්ඩු නුවරදී නොවැම්බර් මස 22 දින සිට 26 දින දක්වා පැවැති දකුණු ආසියාතික කායවර්ධන තරඟාවලිය - 2018 සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කට අධික පිරිසක් සහභාගි වූ අතර එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමූදාව නියෝජනය කරමින් සහභාගිවූ සාමාන්‍ය සෙබල වි.එෆ්.ආර්.ඩි. රාජ් කුමාර සහ කෝප්‍රල් ජි.ජි.ජි.එන් වික්‍රමසිංහ...
2018-12-05 14:40:35
මානව ප්‍රතිශක්තිකරණ වයිරසය හා ප්‍රතිශක්තීකරණ ඌනතාවේ සංකූලතාව (එච්අයිවී සහ ඒඩ්ස්) පිළිබඳ දැනුවත් කිරීමේ වැදගත් දේශනයක් ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව දියතලාව ප්‍රදේශයේ ස්ථානගත මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී ඉකුත් බදාදා (05) දින පවත්වනු ලැබීය.