Header

Sri Lanka Army

Defender of the Nation

07th December 2018 20:15:29 Hours

කැනේඩියානු මහ කොමසාරිස් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් හමුවේ

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් මැක්නිනන් මහතා (H.E David Mckinnon) බ්‍රහස්පතින්දා (06) දින යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවු අතර මෙම සුහද හමුව සඳහා කැනේඩියානු තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී පී. ගෝබිනාත් මහතා (Mr. P Gobinath) ද එක්ව සිටිහය.

මෙම සුහද හමුවේදී යාපනය අර්ධද්වීපයේ ඉඩම් නිදහස් කිරීම් ඇතුළු සංහිඳියා ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කළ අතර එහිදි යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් යුද්ධ හමුදාව සිදුකරනු ලබන මෙම ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව නියෝජිත පිරිස දැනුවත් කරනු ලැබීය. short url link | Nike