Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2018 10:34:58 Hours

නොපසුබට උත්සාහයෙන් රෝදපුටු ශූරයා අඹන්පොළට ළඟාවේ

නොපසුබට උත්සහයකින් යුතු 6 වන ගජබා රෙජිමේන්තුවේ වීරෝධාර රණවිරු කෝප්‍රල් ගැමුණු කරුණාරත්න සිය රෝදපුටුවෙන් දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා කිලෝමීටර් 576 ක දුරක් ගමන් කිරීමේ අති දුෂ්කර අභියෝගාත්මක ගමනේ සිව්වන දිනය ගිරිඋල්ල ප්‍රදේශයේ දී බ්‍රහස්පතින්දා (06) දින උදැසන 8.00 ට පමණ ආරම්භ කරන ලදී.

ලෝක ආබාධිත දිනයට සමගාමීව දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා රෝදපුටුවෙන් ගමන් කිරීමේ මෙම අභියෝගාත්මක ගමන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් යුතුව ඉකුත් සඳුදා (03) දින දෙවුන්දර තුඩුවේ දී පැවැති උත්සවයකින් අනතුරුව ආරම්භ කෙරිණි.

ඒ අනුව, කෝප්‍රල් කරුණාරත්න බ්‍රහස්පතින්දා (06) දින ගිරිඋල්ලේ සිට අඹන්පොල දක්වා කිලෝමීටර 78 ක දුරක් ගමන් කර එදින සන්ධ්‍යාවේ බලල්ල ප්‍රදේශයේ ස්ථානගත 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා මූලස්ථානයේ රැඳි සිට පසුදින (සිකුරාදා 07) අනුරාධපුරය දක්වා ගමන් කිරීමට නියමිතය. bridge media | New Releases Nike