Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2018 18:30:15 Hours

නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන් බදාදා (05) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම විනයාරක්‍ෂකාධිපති මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි. සිරිසේන, උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් එච්. කුලතුංග, මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අතුල හැන්නදිගේ, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චූල අබේනායක සහ යුද්ධ හමුදා තුර්යවාදක හා රංගකලා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ෆරීස් යුසුෆ් යන නව උසස්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවූ අතර එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් එම නිලධාරීන් වෙත සිය උණුසුම් සුභපැතුම් එක් කරන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන්ට සිය උණුසුම් සුභ පැතුම් පිරිනමමින් ඉල්ලා සිටියේ රටේ ඉදිරි ගමන වෙනුවෙන් සිය වගකීම් දැඩි උනන්දුවකින් යුතුව ඉටු කරන ලෙසයි. jordan release date | Sneakers