Header

Sri Lanka Army

Defender of the Nation

පුවත් විශේෂාංග

  • ඔඩ්ඩුසුඩාන් සිවම් කොවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක්

    2019-01-10 12:02:45

    ඔඩ්ඩුසුඩාන් සිවම් කොවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක්

    මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ භට පිරිස් ඔඩ්ඩුසුඩාන් සිවම් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් බ්‍රහස්පතින්දා (10) දින පවත්වන ලදී. 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ අධීක්‍ෂණය යටතේ පවත්වනු ලැබු මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 150 කට අධික පිරිසක් සහභාගි වූහ. තවද මෙම පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ බැතිමතුන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

  • යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් තවත් භාවනා වැඩසටහනක්

    2019-01-10 12:02:38

    යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් තවත් භාවනා වැඩසටහනක්

    හැලුම්මහර, දෙකටන පිහිටි ‘බවුන්සෙත් මානසික සුවසෙවන’ භාවනා මධ්‍යස්ථාන‍යේ දී සඳුදා (07) දින පූජ්‍ය දියසේන්පුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් භාවනා වැඩසටහනක් පැවැත්වූණු අතර එම භාවනා වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීයෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 48 ක් සහභාගි වූහ. මෙම භාවනා වැඩසටහන යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩලයේ ඉල්ලීමකට අනුව සංවිධානය කරනු ලැබීය.

  • 121 වන බලසේනාවේ 5 වන සංවත්සරය අභිමානයෙන් සමරයි

    2019-01-10 12:01:38

    121 වන බලසේනාවේ 5 වන සංවත්සරය අභිමානයෙන් සමරයි

    මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් මොණරාගල ප්‍රදේශයේ පිහිටි 121 වන බලසේනාවේ 5 වන සංවත්සරය හමුදා සම්ප්‍රදායානුකුලව තේපැන් සංග්‍රහයක් සහ දිවා භෝජන සංග්‍රහයක් සමඟින් බදාදා (09) දින බලසේනාධිපතිතුමන් ඇතුළු සියළු නිලයින්ගේ සහභාගිත්වයෙන් සමරන ලදී.

  • ශ්‍රී පුරදී පැවැත්වීමට නියමිත යුද්ධ හමුදා නව අවුරුදු උත්සවයට ‘වන අරණ පදනම’ ද එක්වේ

    2019-01-10 12:00:32

    ශ්‍රී පුරදී පැවැත්වීමට නියමිත යුද්ධ හමුදා නව අවුරුදු උත්සවයට ‘වන අරණ පදනම’ ද එක්වේ

    ‘වන අරණක අවුරුදු උදාව’ යන තේමාව ඔස්සේ යුද්ධ හමුදා ජාතික නව අවුරුදු උත්සවය, පදවි ශ්‍රී පුර ගම්මානයේදි ‘ගමයි පන්සලයි වැවයි ඳාගැබයි’ යන සංකල්පය මත ‘වන අරණ පදනම’ වෙතින් පැවැත්වීමට සූදානම් කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය උපදෙස් එම පදනමේ සාමාජිකයින් විසින් පසුගිය දිනකදී යුද්ධ හමුදා මූලස්ථානයේදි යුද්ධ හමුදාධිපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවී ලබාගන්නා ලදි.

  • නුවර හා බදුල්ල ප්‍රදේශයන්හි හටගත් ගිනි නිවිම සඳහා ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු සාමාජිකයින්ගේ සහය

    2019-01-08 16:56:09

    නුවර හා බදුල්ල ප්‍රදේශයන්හි හටගත් ගිනි නිවිම සඳහා ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු සාමාජිකයින්ගේ සහය

    මහනුවර නගරයේ යටිනුවර වීදියේ පිහිටි ගොඩනැගිල්ලක අඟහරුවාදා (08) දින උදැසන හදිසියේ ඇති වූ ගින්න නිවීම මහනුවර ස්ථාපිත 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් සහ ගිනි නිවීම් ඒකකය සම්බන්ධව සිදු කරනු ලැබීය. ගින්න හටගත් බව සැල වූ වහාම විනාඩි කිහිපයක් ඇතුලත වහා ක්‍රියාත්මක....

  • නව විධායක ජෙනරාල් පත්වෙයි

    2019-01-08 15:56:10

    නව විධායක ජෙනරාල් පත්වෙයි

    12 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කරනු ලැබු මේජර් ජෙනරාල් එන්. ඩි. වන්නිආරච්චි, පසුගියදා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්කිරිමෙන් පසු පුරප්පාඩුවූ විධායක ජෙනරාල් ධූරයට පත්කොට ඇත. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරාල් එන්. ඩි. වන්නි ආරච්චි නව තනතුරට පත්වීමට පෙර යුද්ධ හමුදාවේ ප්‍රධාන තනතුරු රාශියක් හොබවන ලද ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකි.

  • 68 සේනාංකයේ නව සේනාංකාධිපති රජකාරි අරඹයි

    2019-01-08 15:40:10

    68 සේනාංකයේ නව සේනාංකාධිපති රජකාරි අරඹයි

    68 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඒ.එස් ආරියසිංහ සඳුදා (7) දින මුලතිව්, කොම්බාවිල් ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථානයේ පැවැති සරල උත්සවයකදී රාජකාරී අරඹනු ලැබීය. මීට ප්‍රථම, මෙම සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී කල මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ රාජකාරී ඇරඹීමත් සමඟ මෙලෙස නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඒ.එස් ආරියසිංහ රාජකාරී භාරගත්හ.

  • ගංවතුරින් පීඩාවට පත්වූ පුනරීන් ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයින් වෙත පාසල් උපකරණ බෙදාදේ

    2019-01-08 15:32:39

    ගංවතුරින් පීඩාවට පත්වූ පුනරීන් ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයින් වෙත පාසල් උපකරණ බෙදාදේ

    කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත පුනරීන් ප්‍රදේශයේ පිහිටි 66 වන සේනාංකයේ මග පෙන්වීම මත කුරුණෑගල ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් පිරිසක් සහ ව්‍යාපාරික සුරේෂ් සකන්දරාජා මහතා ගේ දායකත්වයෙන් ඉරිදා (6) දින ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත් වූ වන්නේරිකුලම්, කිරන්චි, උර්තීරපුරම්, ශිවනගර් සහ පුදුමූරිප්පු යන ප්‍රදේශයන්හි....

  • පරණගමවැව විද්‍යාලයේ සිසුන් හට යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ තොගයක් බෙදාදේ

    2019-01-08 13:12:10

    පරණගමවැව විද්‍යාලයේ සිසුන් හට යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ තොගයක් බෙදාදේ

    62 වන සේනාංකයේ භට පිරිස් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ‘සෙනෙහසේ අපි’ සංවිධානයේ සම්බන්ධතාවයෙන් වැලිඔය, පරණගමවැව මධ්‍ය මහ විද්‍යාලයේ සිසුන් සඳහා පාසල් පොත් හා පාසලට අවශ්‍ය සංගීත භාණ්ඩ තොගයක් ප්‍රධානය කරනු ලැබීය. මෙම ආධාර බෙදාදීමේ වැඩසටහන 62 වන සේනාංකයේ...

  • ගංවතුරෙන් විපතට පත් වූවන් සඳහා ජංගම වෛද්‍ය සායනයක්

    2019-01-07 16:29:35

    ගංවතුරෙන් විපතට පත් වූවන් සඳහා ජංගම වෛද්‍ය සායනයක්

    කිලිනොච්චිය ප්‍රදේශයේ ගංවතුරට ගොදුරු වු සිවිල් වැසියන් හට අවශ්‍ය සෞඛ්‍ය රැකවරණය සැලසීම වෙනුවෙන් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ ඉල්ලීමකට අනුව සිය නිවාඩුව ගත කිරිම සඳහා මෙරටට පැමිණ සිටින ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික වෛද්‍ය වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතුව සෙනසුරාදා (5) දින ජංගම වෛද්‍ය සායනයක් පවත්වනු ලැබු අතර මෙම අවස්ථාව....