Header

Sri Lanka Army

Defender of the Nation

10th January 2019 12:02:38 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් තවත් භාවනා වැඩසටහනක්

හැලුම්මහර, දෙකටන පිහිටි ‘බවුන්සෙත් මානසික සුවසෙවන’ භාවනා මධ්‍යස්ථාන‍යේ දී සඳුදා (07) දින පූජ්‍ය දියසේන්පුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් භාවනා වැඩසටහනක් පැවැත්වූණු අතර එම භාවනා වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීයෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 48 ක් සහභාගි වූහ.

මෙම භාවනා වැඩසටහන යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩලයේ ඉල්ලීමකට අනුව සංවිධානය කරනු ලැබීය. Sports brands | Nike Running