Header

Sri Lanka Army

Defender of the Nation

10th January 2019 12:00:32 Hours

ශ්‍රී පුරදී පැවැත්වීමට නියමිත යුද්ධ හමුදා නව අවුරුදු උත්සවයට ‘වන අරණ පදනම’ ද එක්වේ

‘වන අරණක අවුරුදු උදාව’ යන තේමාව ඔස්සේ යුද්ධ හමුදා ජාතික නව අවුරුදු උත්සවය, පදවි ශ්‍රී පුර ගම්මානයේදි ‘ගමයි පන්සලයි වැවයි ඳාගැබයි’ යන සංකල්පය මත ‘වන අරණ පදනම’ වෙතින් පැවැත්වීමට සූදානම් කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය උපදෙස් එම පදනමේ සාමාජිකයින් විසින් පසුගිය දිනකදී යුද්ධ හමුදා මූලස්ථානයේදි යුද්ධ හමුදාධිපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවී ලබාගන්නා ලදි.

ජනාධිපති කාර්ය සාධක බලකාය සහ රජය විසින් ආරම්භ කරන ලද ජාතික සංවර්ධන වැඩ පිළිවෙලට සමාගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ‘වැව් සියයක්’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට සමාගාමීව මෙම නව අවුරුදු උළෙල පැවැත්වීමට නියමිතය.

‘වන අරණ පදනම’ සාමාජිකයින් මෑතකදී පදවිය ප්‍රදේශයේ අවුරුදු උළෙල පැවැත්වීමට යෝජිත ස්ථානයෙහි සංචාරයක නිරතවෙමින් එම ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා කඳවුරු වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කල අතර අප්‍රේල් මාසය වන විට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සුදානමින් සිටියි. Running sports | Nike