2019-02-21 16:58:50
කිළිනොච්චි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විශේෂඥයින්ගෙන් උපදෙස් මත කෘමි නාශක හෝ කෘෂි රසායනික නොමැතිව වගා කළ හැකි ‘ස්වයංජාත’ බීජ ප්‍රභේදය නැවත හඳුන්වා දීම කිළිනොච්චි ප්‍රදේශයේ තෝරාගත් ගොවීන් 64 දෙනෙකුන් වෙත ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද සමඟ සදුදා (18) දින කිළිනොච්චියේදි පවත්වනු ලැබීය. ග්‍රාමීය ගොවි ප්‍රජාවගේ ජීවනෝපාය නංවාලීමේ අරමුණින් කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මූලස්ථානය වෙතින් මූලික පියවර ගෙන...
2019-02-21 16:50:18
ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් විශ්‍රාමික මේජර් ජෙනරාල් සී.ඒ.එම්.එන්.සිල්වා රෝගාතුරව කොළඹ, නාරාහේන්පිට පිහිටි යුද්ධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බදාදා ( 20 ) දින මෙලොවින් සමුගත්හ. 1952 නොවැම්බර් මස 20 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවයට එක්ව වර්ෂ 1988 ජූලී මස 4 වන දින යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගිය මෙම ජ්‍යෙෂ්ඨ රණවිරුවාගේ දේහය කොළඹ 7 ඇල්විටිගල මාවතේ පිහිටි ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත. ඔහුගේ අවමංගල්‍ය උත්සවය...
2019-02-21 15:50:18
නව පත්වීම් ලැබු යක්කල රණවිරු ඇපරල් නව සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල මනතුංග රණවිරු ඇපරල් යක්කල කර්මාන්තශාලාවේ සිව්වන සේනාවිධායක ලෙස රාජකාරි භාර ගන්නා ලදි.
2019-02-21 14:50:18
යුද්ධ හමුදා අරමුදලේ දායකත්වය ඇතිව 16 වන යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බළකායේ සාමාජිකයින් විසින් මුලතිව් යුද්ධ හමුදා මුලික රෝහල වෙත නව විකිරණ අංශයක් ඉදිකර දුන්හ. 2018 නොවැම්බර් මස 11 දින ඉදිකිරිම් ආරම්භ කර ඉතා කෙටි කාලයකින් අවසන් වු මෙම විකිරණ අංශය යුද්ධ හමුදා මුලික රෝහලේ නිලධාරි අණදෙන මේජර් ඩබ්.ජි.එල් ජයරත්න ගේ ආරාධනයකට අනුව මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු විසින් විවෘත කරන ලදි. සේනාංකාධිපතිවරුන්, ආඥාපති...
2019-02-21 13:50:18
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් නයාරු ප්රදේශයේ ස්ථානගත 593 වන බලසේනා මූලස්ථානයේ අභිමානවත් 10 වන සංවත්සරය සිකුරාදා (15) දින ආගමික වතාවත් මධ්යයේ හමුදා සම්ප්රදායානුකූලව සමරන ලදී.
2019-02-20 18:40:24
මව්බිමේ භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව කළ සටනේදී 1994 වර්ෂයේ තම දෙපා හා දෑත් අහිමි කරගත් වත්මන් යුධ ඉතිහාසයේ විරයෙකු වූ ශ්‍රි ලංකා පාබල හමුදාවේ මියගිය බ්‍රිගේඩියර් සරත් ඇඹව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී (විශ්‍රාමික) ගේ අවසන් කටයුතු අතිවිශාල සංඛ්‍යාවක් යුද්ධ හමුදා නිළධාරීන්, භටපිරිස් සහ ශෝකවන්නන්ගේ සහභාගීත්වයෙන් පූර්ණ හමුදා ගෞරව සහිතව බදාදා (20) දින කුරුණෑගල, මල්කඩුවාව පොදු සුසාන භූමියේදී සිදුකෙරිනි.
2019-02-19 15:17:51
ශ්‍රි ලංකා යුද්ධ හමුදා පාබල හමුදා රෙජිමේන්තුවේ විශ්‍රාමික බ්‍රිගේඩියර් කේ.ජි.එච් සරත් කේ ඇඹව රෝගාතුරුව රාගම ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සදුදා ( 18 ) දින මෙලොවින් සමුගත්හ. මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ දේහය කුරුණෑගල අංක 266/6, ප්‍රාදේශිය ලේකම් මාවත, නුවර පාර, මල්ලවපිටිය යන ලිපිනයේ සඳහන් නිවසෙහි තැම්පත් කර ඇත. එතුමන් එල්ටීටී ත්‍රස්තවාදි සමයේදී තුවාල ලබා රෝද පුටුවක් මත දිවිගෙවූ වීර පුත්‍රයෙකි. ඔහුගේ අවමංගල්‍ය උත්සවය බදාදා (20) දින මල්ලවපිටිය පොදු සුසාන භූමියේදී සවස 3.00 ට සිදු කෙරේ.
2019-02-19 10:17:51
බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මෙන්ම ශ්‍රි ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බළකායේ රෙජිමේන්තු අධිපති වන මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ පසුගිය සදුඳා ( 18 ) දින බම්බලපිටිය ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවන් වෙත නිල ලාංඡන පැලදවිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.
2019-02-19 08:17:51
ජෙනරාල් ශ්‍රි ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති (ආරක්‍ෂක හා පරිපාලන) මේජර් ජෙනරාල් ඉදුනිල් රණසිංහ සිකුරාදා ( 8 ) දින මාතර ශාන්ත මරියා කන්‍යාරාමයෙහි පැවති අන්තර් පාසල් මළල ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.
2019-02-18 18:20:13
යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සහයෝගය ඇතිව එම ප්‍රදේශයේ සිසුන් දිරිගැන්වීමේ අරමුණින් කන්කසන්තුරේ නඩේෂ්වරා විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පාපැදි 12 ක් බෙදාදීමේ උත්සවයක් නඩේෂ්වරා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ (කැනඩා ශාඛා) අනුග්‍රහකත්වයෙන් සිකුරාදා (15) දින කෙටි උත්සවයකින් බෙදාදෙන ලදි.