Header

Sri Lanka Army

Defender of the Nation

21st February 2019 16:58:50 Hours

57 වන සේනාංකය වෙතින් වඩාත් ලාභදායී නව වී ප්‍රභේදයක් හඳුන්වා දෙයි

කිළිනොච්චි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විශේෂඥයින්ගෙන් උපදෙස් මත කෘමි නාශක හෝ කෘෂි රසායනික නොමැතිව වගා කළ හැකි ‘ස්වයංජාත’ බීජ ප්‍රභේදය නැවත හඳුන්වා දීම කිළිනොච්චි ප්‍රදේශයේ තෝරාගත් ගොවීන් 64 දෙනෙකුන් වෙත ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද සමඟ සදුදා (18) දින කිළිනොච්චියේදි පවත්වනු ලැබීය.

ග්‍රාමීය ගොවි ප්‍රජාවගේ ජීවනෝපාය නංවාලීමේ අරමුණින් කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මූලස්ථානය වෙතින් මූලික පියවර ගෙන මෙම නව වී ප්‍රභේදයේ බීජ පැළ හා බිත්තර වී ගොවින් වෙත බෙදා දෙන ලදී.

වසරක් ඇතුළත හොඳ අස්වැන්න ලැබිය හැකි මෙන්ම මූල්‍යමය වශයෙන් ලාභදායී, කෙටිකාලීන වැඩ පිළිවෙළක් යටතේ නිෂ්පාදනය කර ඇති මෙම බීජ සමඟ එක් පවුලකට එයින් පැළ දෙක බැගින් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකුගේ සහභාගිත්වයෙන් එහිදී බෙදා දෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා එම ප්‍රදේශයේ තෝරාගත් ගොවීන්, 571 සහ 572 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ. short url link | jordan Release Dates