Header

Sri Lanka Army

Defender of the Nation

21st February 2019 14:50:18 Hours

මුලතිව් යුද හමුදා රෝහල වෙත නව විකිරණ අංශයක්

යුද්ධ හමුදා අරමුදලේ දායකත්වය ඇතිව 16 වන යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බළකායේ සාමාජිකයින් විසින් මුලතිව් යුද්ධ හමුදා මුලික රෝහල වෙත නව විකිරණ අංශයක් ඉදිකර දුන්හ.

2018 නොවැම්බර් මස 11 දින ඉදිකිරිම් ආරම්භ කර ඉතා කෙටි කාලයකින් අවසන් වු මෙම විකිරණ අංශය යුද්ධ හමුදා මුලික රෝහලේ නිලධාරි අණදෙන මේජර් ඩබ්.ජි.එල් ජයරත්න ගේ ආරාධනයකට අනුව මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු විසින් විවෘත කරන ලදි.

සේනාංකාධිපතිවරුන්, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස මුලතිව්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් මෙම අවස්ථාව සඳහා සහභාගි වුහ. best shoes | Nike Shoes