2019-06-27 12:00:42
ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් දියත් කරනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව, බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලද ‘මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ’ දැනුවත් කිරීමේ තවත් එක් වැඩමුළුවක් ඉකුත් බදාදා (26) දින පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
2019-06-27 11:00:54
විවිධ සංස්කෘතික බැඳීම්, ප්රතිසන්ධාන ප්රයත්නයන් සහ සියලු ජනවාර්ගික කණ්ඩායම් අතර සාමය ශක්තිමත් කිරීමේ අරමුණින් ‘කරිටාස් වන්නි කණ්ඩායම’ (Karitas Wanni Group) නම් ආගමික සංවිධානයේ ඉල්ලීමකට අනුව නච්චිකුඩා ප්‍රදේශයේ දී සංවිධානය කරන ලද බහු ආගමික වැඩසටහනක් පැවැත්වීම සඳහා වන්නි භටපිරිස්හි සහයෝගය ලබාදෙනු ලැබීය.
2019-06-27 10:00:54
651 බලසේනාව යටතේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව සමඟ එක්ව එම බලප්‍රදේශයේ සේවය කරන සියලුම ග්‍රාම නිලධාරීන්ගේ (ග්‍රාමීය රාජ්‍ය නිලධාරීන්) සුහදත්වය හා අවබෝධය මෙන්ම විශ්වාසය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉකුත් ඉරිදා (23) දින උදෑසන 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා නිලධාරී නිවස්නයේ පැවැති සුහද වැඩමුළුක් සඳහා ආරාධනා කරන ලදී.
2019-06-27 09:00:54
විශේෂ පාබල ක්‍රියාන්විත කණ්ඩායම්වල සාමාජිකයින් අතර ‘ලුහුබැඳීමේ’ කුසලතා සහ හැකියාවන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් බලඇණිවල අට දෙනෙකුගෙන් සමන්විත විශේෂ පාබල ක්‍රියාන්විත කණ්ඩායම් හතක් සඳහා ‘සටන් ලුහුබැඳීමේ මෙහෙයුම්’ පිළිබඳ පුහුණු වැඩසටහනක් පසුගියදා දියත් කරනු ලැබීය.
2019-06-27 08:00:54
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනාවේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (25) දින මුලන්කාවිල් ප්‍රදේශයේ ‘දොන් බොස්කෝ’ පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
2019-06-27 07:00:54
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය විසින් ‘මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සහ එය වැළැක්වීමේ වැඩසටහන’ පිළිබඳ දැනුවත් කිරීමක් පසුගියදා සංවිධානය කරන ලදී.
2019-06-26 18:03:40
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි.වි රවිප්‍රිය ගේ සංකල්පයකට අනුව 573 වන බලසේනා මුලස්ථානය විසින් කිලිනොච්චි සිවිල් වැසියන්ට නවීන පන්නයේ නිමි ඇදුම්, ආභරණ හා හස්ත කර්මාන්ත ආදිය සහන මිලකට ලබාගැනීම සඳහා සංවිධානය කරන ලද ‘සාප්පු සවාරිය - 2019’ නම් වූ වෙළඳ ප්‍රදර්ශනය ඉකුත් ඉරිදා (23) දින ඒ 9 මාර්ගය අසල පිහිටි කිලිනොච්චි යුද්ධ හමුදා සුභසාධන වෙළඳ සංකීර්ණ...
2019-06-26 17:49:36
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651, 652 සහ 653 වන බලසේනාවන්හි භටපිරිස් සිවිල් වැසියන් සමඟ එක්ව සුහදත්වය සහ සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ජුනි මස 21 සහ 22 දිනයන්හි එම ප්‍රදේශයන්හි ප්‍රජා ව්‍යාපෘතින් කිහිපයක් දියත් කරන ලදී. මුලන්කාවිල් ප්‍රාථමික විද්‍යාලයේ ඉල්ලීමකට...
2019-06-26 14:49:36
මහජනතාව අතර සුහදතාවය, සංහිඳියාව සහ ආරක්ෂව පිළිබඳ විශ්වාසය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දැවැන්ත සංගීත ප්‍රසංගයක් සහ විනෝදජනක වැඩසටහනක් ඉකුත් සෙනසුරාදා (23) දින කිලිනොච්චි, පරවිපන්ජාන් ක්‍රීඩාංගණයේ දී...
2019-06-26 12:49:36
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57, 65 සහ 66 වන සේනාංකයන්හි භටපිරිස් තම බලප්‍රදේශ තුළ පදිංචිව සිටින සිවිල් වැසියන්ට විනෝදාස්වාදය ලබාදීමේ අරමුණින් දැඩි ආරක්ෂාවන් මධ්‍යයේ දැවැන්ත සංගීත ප්‍රසංග තුනක් ඉකුත් සෙනසුරාදා (22) දින ධර්මපූරම් ක්‍රීඩාංගණයේ දී, මල්ලාවි මධ්‍ය මහා විද්‍යාල ක්‍රිඩාංගණයේ දී සහ පූනරීන් කොටුව පරිශ්‍රයේ දී පැවැත්වීය.