Header

Sri Lanka Army

Defender of the Nation

26th June 2019 17:49:36 Hours

651, 652 සහ 653 වන බලසේනාවන්හි භටපිරිස් සිවිල් වැසියන් සමඟ එක්ව තවත් ප්‍රජා ව්‍යාපෘතින් කිහිපයක් ක්‍රියාත්මක කරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651, 652 සහ 653 වන බලසේනාවන්හි භටපිරිස් සිවිල් වැසියන් සමඟ එක්ව සුහදත්වය සහ සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ජුනි මස 21 සහ 22 දිනයන්හි එම ප්‍රදේශයන්හි ප්‍රජා ව්‍යාපෘතින් කිහිපයක් දියත් කරන ලදී.

මුලන්කාවිල් ප්‍රාථමික විද්‍යාලයේ ඉල්ලීමකට අනුව 651 වන බලසේනාව යටතේ ස්ථාපිත 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් එම විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කල අතර 652 වන බලසේනාව යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් තිරුමුරුකන්ඩි සිට අක්කරායන්කුලම් දක්වා මාර්ගය දෙපස පිරිසිදු කරනු ලැබීය.

එමෙන්ම, 653 වන බලසේනාව යටතේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සිවපුරම් ප්‍රජා ශාලා පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී. මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් සියයකට අධික පිරිසක් එක්ව සිටියහ.

මෙම ප්‍රජා ව්‍යාපෘතින් කිලිනොච්ච් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි.වි. රවිප්‍රිය ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ බලසේනාධිපතිවරුන්ගේ සම්බන්ධිකරණයෙන් ක්‍රියාවට නංවනු ලැබීය. Best Authentic Sneakers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp