Header

Sri Lanka Army

Defender of the Nation

27th June 2019 07:00:54 Hours

‘මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සහ එය වැළැක්වීම’ පිළිබඳ කිලිනොච්චියේ දී සියලු නිලයින් දැනුවත් කරයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය විසින් ‘මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සහ එය වැළැක්වීමේ වැඩසටහන’ පිළිබඳ දැනුවත් කිරීමක් පසුගියදා සංවිධානය කරන ලදී.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ පූර්ණ අධීක්‍ෂණය මත 652 වන බලසේනාව යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව විසින් සංවිධානය කරන ලදී.

අක්කරායන්කුලම් පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් එම්.එල්.ජේ. ප්‍රදීප් කුමාර සෙනෙරත් විසින් පැවැත්වූ මෙම දේශනය සඳහා නිලධාරීයෙකු සහ සෙසුනිලයින් 40 දෙනෙකු සහභාගි වූහ. Best Authentic Sneakers | Nike Air Force 1 , Sneakers , Ietp STORE