Header

Sri Lanka Army

Defender of the Nation

27th June 2019 12:00:42 Hours

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි

ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් දියත් කරනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලද ‘මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ’ දැනුවත් කිරීමේ තවත් එක් වැඩමුළුවක් ඉකුත් බදාදා (26) දින පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

අතිගරු ජනාධිපතිතුමාගේ අනුග්‍රාහකත්වය මත දියත් කරනු ලබන ‘ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට’ සමගාමීව පැවැත්වූ මෙම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුව ජනාධිපති කාර්ය සාධක බලකායේ ආචාර්ය සංජිව රණවීර සහ එච්.එම්. තිලකරත්න යන මහත්වරුන් විසින් මෙහෙයවනු ලැබීය.

මෙම වැඩමුළුව සඳහා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයින් 600 කට අධික පිරිසක් සහභාගි වූහ. buy shoes | Patike