2019-08-02 12:56:39
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 17 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඉකුත් බ්‍රහස්පතින්දා (25) දින ඉංජිනේරු බලකා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරී භාරගන්නා ලදී. හමුදා ගෞරවාචාර මධ්‍යයේ පැවැති උත්සවයකදී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර මෙම අවස්ථාව සඳහා...
2019-08-02 10:56:39
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා භාවනා පුහුණුවීම් හඳුන්වාදීමේ සංකල්පයට අනුව, එහි තවත් එක් භාවනා වැඩසටහනක් පසුගිය බදාදා (31) දින වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2019-08-01 16:12:12
එළඹෙන මඩු මංගල්‍ය සමයේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති ආරක්ෂක පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඉකුත් බදාදා (31) දින මඩු දේවස්ථානයේ චාරිකාවක නිරත විය. වන්නි ප්‍රදේශයේ ආරක්ෂක හමුදාවන් සමඟ...
2019-07-31 22:34:02
ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමය (NRASL) විසින් පවත්වන ලද ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනයේ (IPSC) ‘ජාතික වෙඩි තැබීමේ ශූරතාවලිය 2019’ පසුගිය ජූලි මස 26 දින සිට 28 දින දක්වා පානළුව යුද්ධ හමුදා පිස්තෝල වෙඩිපිටියේදී පැවැත්වු අතර එහිදි, ජ්‍යෙෂ්ඨ ඛාණ්ඩ යටතේ සමස්ථ ශූරයා ලෙස...
2019-07-31 22:33:02
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 233 වන බලසේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින වාකරෙයි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 150 දෙනෙකු සඳහා...
2019-07-31 22:32:10
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස යාපනය අධ්‍යාපන කවුන්සිලයේ විවිධ පාසල්වල සිසුන් 123 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමකට ඔවුන්ගේ ගුරුවරුන් සහ දෙමාපියන් සමඟ පලාලි ගුවන් තොටුපල පරිශ්‍රය වෙත පැමිණ ගුවන් යානා ගුවන් ගතකිරීම සහ ගොඩබෑස්සවීමේ දර්ශන නැරඹීමට අවස්ථාව උදාකරදුන්හ.
2019-07-31 22:32:02
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් සමඟ එක්ව පසුගිය සෙනසුරාදා (27) දින 22 වන සේනාංක මුලස්ථානය වටා ඇති ත්‍රිකුණාමලය වෙරළ තීරයේ කොරල්පර සංවර්ධන ව්‍යාපෘතියක් සංවිධානය කිරිමට සහය විය.
2019-07-31 22:31:02
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ මුලිකත්වයෙන් පුජ්‍ය දියසෙන්පුර විමල හිමිපාණන් විසින් මෙහෙයවනු ලබන භාවනා වැඩසටහනක් පසුගියදා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේදී පැවැත්විණි.
2019-07-31 15:29:48
19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ යුද්ධ හමුදා සාමාජිකයින් 10 දෙනෙකු ප්‍රදේශයේ සිවිල් වැසියන් 25 දෙනෙකු සමඟ එක්ව ඉකුත් සඳුදා (29) දින මල්ලාවි ප්‍රදේශයේ පිහිටි ගනේෂපුරම් ප්‍රජා මධ්‍යස්ථානය සහ ඒ අවට පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්විය.
2019-07-31 15:28:48
යුද්ධ හමුදා මානව හිමිකම් හා මානුෂීයවාදී නීති අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර මානව හිමිකම් හා මානුෂීයවාදී නීතිය පිළිබඳ උසස් සංස්කරණ පාඨමාලා අංක 22 සහ ජාත්‍යන්තර මානව හිමිකම් හා මානුෂීයවාදී නීතිය පිළිබඳ මූලික උපදේශක පාඨමාලා අංක 26...